අඹ චට්නි 🍜🍜🍜👌 (Aba Chatni)

අඹ චට්නි 🍜🍜🍜👌 (Aba Chatni) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳට පැහිච්ච අඹ ග්‍රෑම් 500
  • දුඹුරු සීනි ග්‍රෑම් 250
  • විනාකිරි  මි.ලී 200 ක් (හොඳ සැර ඒවා ගන්න)
  • අඹරාගත් ඉගුරු ස්වල්පයක් (මේස හැඳි 2 ක් වගේ)
  • අඹරාගත් සුදුලූනු බික් 5 ක් 6 ක්
  • මිරිස් කුඩු (මේස හැඳි 3 ක් 4 ක්)
  • කුඩු කරගත් එන්සල් (තේ හැඳි කාලක්)
  • කුරුදු 
  • කරාබුනැටි (3 ක් 4 ක්)
  • ලුනු (රස අනුව දාන්න.මොකද ගන්න අඹ අනුව ඒක වෙනස් වෙනව)
  • මාදුරු තේ හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1/2
  • කළු දුරු තේ හැඳි 1/2 
  • මුදරස් පලම් ටිකක් (අත්‍යාවශ්‍යතම නෑ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ භාජනයක් ලිප තබා එයට විනාකිරි දමන්න.(අනිවාර්යයෙන්ම මැටි ඇතිලියක් ගන්න) එය රත් වනවිට සීනි,ඉගුරු සහ සුදු ළූණු,මිරිස් කුඩු ,කුඩු කරගත් එනසල්, කුරුදු, කරාබුනැටි, මාදුරු,කළු දුරු සහ ලුනු එක් කරන්න.
  2. ♦️ ඊට පසු අඹ  ටික දමා කහ පොඩ්ඩක් දමා අඩු ගින්දරේ උකු වනතුරු පිස ගන්න.
  3. ♦️ දැන් මුදරස් පලම් ටික එකතු කරන්න.
  4. ♦️ අඹ හොදින් තැම්බි උකු වූ පසු ලිපෙන් බා ගන්න.ජීවානුහරනය කල බෝතල් වල දමා සීල් කරන්න.
🔴 පරිස්සමෙන් පාවිච්චි කලොත් (ඉඳුල් ගාවන්නෙ නැතුව,වතුර එක්ක හැඳි නොදමා) අවුරුද්දක් උනත් තියා ගන්න පුළුවන් ඉතින්.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
අඹ චට්නි 🍜🍜🍜👌 (Aba Chatni) - Your Choice Way

අඹ චට්නි 🍜🍜🍜👌 (Aba Chatni) - Your Choice Way

අඹ චට්නි 🍜🍜🍜👌 (Aba Chatni) - Your Choice Way

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අඹ චට්නි 🍜🍜🍜👌 (Aba Chatni) අඹ චට්නි 🍜🍜🍜👌 (Aba Chatni) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment