Palu Susane Prema Purane Song Lyrics - පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයේ පද පෙළ

Palu Susane Prema Purane Song Lyrics - පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයේ පද පෙළ
Song Title : Palu Susane Prema Purane (පාළු සුසානේ ප්‍රේම පුරාණේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
සංගීතය : සරත් ද අල්විස්
පද රචනය : අජන්තා රණසිංහ
ඔබට දිවුරා කියන්නම් (1985) චිත්‍රපටයෙන්


පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ...
ඔබට මතක නෑ...

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ...
ඔබට මතක නෑ...

මගෙ අත්තටු බිඳ පියා සරාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ...
ඔබට මතක නෑ...

දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිණි මා ළයේ
ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ...
ඔබට මතක නෑ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Susane Prema Purane Song Lyrics - පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයේ පද පෙළ Palu Susane Prema Purane Song Lyrics - පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment