Sal Sapu Na Song Lyrics - සල් සපු නා ගීතයේ පද පෙළ

Sal Sapu Na Song Lyrics - සල් සපු නා ගීතයේ පද පෙළ
Song Title : Sal Sapu Na (සල් සපු නා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : සරත් දසනායක
"සංගීතා" (1975) චිත්‍රපටයෙනි


සල් සපු නා - නිල් මහනෙල්..
කුමුදු සමන් - මල් අතරේ..//
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..

පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා..
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා..
වැලිතලේ - සැඟවිලා - රුවන් හැදෙනවා..
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා..

සල් සපු නා - නිල් මහනෙල්..
කුමුදු සමන් - මල් අතරේ..//
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..

වීණාවෙන් බිළිඳු තතින් මිහිරි ස්වර වැයේ..
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ..
කළු වළා - වල පවා - රිදී ඉරි තියේ..
කිමද මේ නියදහම් අමතක ව ගියේ..

සල් සපු නා - නිල් මහනෙල්..
කුමුදු සමන් - මල් අතරේ..//
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sal Sapu Na Song Lyrics - සල් සපු නා ගීතයේ පද පෙළ Sal Sapu Na Song Lyrics - සල් සපු නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment