නන්දිමිත්‍ර යෝධයා උපන් - කිඹුලාගල 💪💪🏿🪨🍃🍂 (Kimbulagala)

නන්දිමිත්‍ර යෝධයා උපන් - කිඹුලාගල 💪💪🏿🪨🍃🍂 (Kimbulagala) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධ සේනාවේ සිටි නන්දිමිත්‍ර යෝධයා උපන් බිම ගැනයි...

අනුරාධපුර රාජධානියේ උතුරු කොටසේ වැව් නිමාවේ මෙම ගම පිහිටා තිබෙනවා..

කුඩා කල මිත්‍ර නම් වූ ඔහු පසුව නන්දිමිත්‍ර බවට පත්වුන කතාව හැමෝටම මතක ඇතිනේ..

දුටු ගැමුණු රජු යුධ කටයුතු අවසන් වූ පසු දිවයිනේ උතුරු නැගෙනහිර කොටස්වල ආරක්ෂාව නන්දිමිත්‍ර යෝධයා ට පැවරූ බව කියවෙනවා...

මහාවංශය සඳහන් කරන ආකාරයට නන්දිමිත්‍ර උපත ලැබුවේ  නැගෙනහිර කඩදොර ගමෙහි චිත්තපබ්ත සමීපයෙහි යි.

ඒ වගේම මේ පර්වතය නන්දිමිත්‍ර යෝධයාගේ සටන් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබූ බවට සඳහන් වෙනවා... 

ඒ හේතුවෙන් දුටුගැමුණු මහරජතුමාද නිතර පැමිණි ස්ථානයක් ලෙසද මෙම ස්ථානය සැලකෙයි..

මෙම ගල කිඹුලකුගේ හැඩයෙන් යුතු වීම නිසා කිඹුලාගල නම්වී තිබෙනවා.. 

ගල් තලාව ශෛලමය කන්දක් මත පිහිටා තිවෙනවා..

ඒ වගේම 360° කෝණයකින් අනුරාධපුර, වව්නියාව, ත්‍රිකුණාමලය, මන්නාරම හා මුලතිවු යන දිස්ත්‍රික්ක ප්‍රදේශයන් හරි අපූරුවට මෙතනට පේනවා..

මෙම කන්ද මුදුනේ කටාරම් ලිපි හා සෙල්ලිපි පවතිනවා...

මෙම කන්ද තුළ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු  වර්ෂ පළමුවන සියවස දක්වා කාල පරාසය තුළ බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියවුණු ලෙන් ලිපි 13ක් කටාරම් කෙටූ ගල්ලෙන් 23ක් තියෙනවා...

කිඹුලාගල දෙපසින් ඒරුපොතාන හා නීරාවිය යන ඓතිහාසික ස්ථානයන් පිහිටා තිබෙනවා..

පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේදී ත්‍රස්තවාදීන් යටතේ තිබූ මෙම ප්‍රදේශය රජයේ භාරයට ගෙන යුද්ධ හමුදා මැදිහත්වීමෙන් නැවත ජනපදකරණයට ලක්කර තිබෙනවා...

කන්ද ඉදිරිපිට මාර්ගයේ අනික් පස මහාචාර්ය සරත් මල්දෙණිය මහතාගේ සැළසුමක් මත යුද්ධ හමුදා ශ්‍රමයෙන් ඉදිකළ නන්දිමිත්‍ර යෝධයාගේ විශාල පිළිරුවක් දැක ගන්න පුලුවන්...

ඒ අසලම වන්නි පුරාවිද්‍යා හා ජන කෞතුකාගාරය තියෙනවා.. එයද නොමිලේ නැරඹන්න පුලුවන්...

වව්නියාව නගරය පසු කර හොරොව්පතාන මාර්ගයේ ඉදිරියට ගියවිට හමුවන මාමදුව පාරන් හැරී සැතපුමක් 2ක් පමණ දුරින් පිහිටි වනාන්තරය මධ්‍යයේ මෙම ඓතිහාසික කිබුලාගල පර්වතය පිහිටා තිබෙනවා...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නන්දිමිත්‍ර යෝධයා උපන් - කිඹුලාගල 💪💪🏿🪨🍃🍂 (Kimbulagala) නන්දිමිත්‍ර යෝධයා උපන් - කිඹුලාගල 💪💪🏿🪨🍃🍂 (Kimbulagala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment