Enna Yan Song Lyrics - එන්න යන් ගීතයේ පද පෙළ

Enna Yan Song Lyrics - එන්න යන් ගීතයේ පද පෙළ
Song Title : Enna Yan (එන්න යන්)
Artist : SMOKIO X APZI
Written By SMOKIO X APZI
Produced By ADEESHA BEATS ( Zee Major Studio )  
Mixed & Mastered By ADEESHA BEATS ( Zee Major Studio )  
Video Director : WAGMEE
Editor : WAGMEE
DOP : WAGMEE
Colorist : WAGMEE
Powered by BONFIRE


එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ ශීතල යාමේ
වෙමු දග යහනේ උණුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ ශීතල යාමේ
වෙමු දග යහනේ උණුහුම ඕනේ

එක පාරක් මදියි මටත් 
ඕනෙමයි දෙපාරක් වත්
එක පාරෙන් නතර නොවී
එන්න දෙවෙනි පාරත් යන්
කරුණු කාරණාවන් නොකිව්වත් මං කාටවත්
මං කරවත්ම කියලා නෑ !
ඔය කාමේ දැන් මට ආගමක් වගේමයි ඔව්මයි !
ස්වර්ගයට මග කියන පාලමක්
මං රැක්කා ඒ රන් ද්වාරය විශ්වාසෙන් දුන්න දා පටන්
ආදරේ ගලයි දිය ගලා යා මෙන් උල්පතක් කඩන්
ශුද්ධ රත්තරං තාලෙකට පද්දපන්

ඒ පයෝධර බරක් ඇස් වලට කොල්ලන්ට වගේමයි කෙල්ලන්ටත් අවුලයි මෝල් AYY
ඒ සද්දෙයි විනෝදෙයි වහලා ලෝකෙම ආදරෙන් කෑදරෙන් ලෝභෙන්
මං ආසයි ඔය මුණ පිරෙද්දී මං ගැන කොපෙන්
මං KURT COBAIN නම් ඔයා C OC AI NE
මානා ගෙන හී තල දුනු
සංසාරේ පුරා එන්න ඇති හොයාගෙන උනුත්
අපේ කතාවත් පුරාවෘත්තයකට දෙවි තුඩු
BABY වෘත්තයක් මෙන් රකින්නම් ඔයාව මගේ හිසත් කරන් මුඩු

මගේ ආදරේ වගේ මිණි මුතු
ඔයා දැක්ක දවසෙම සීලෙ උනා කුඩු
අතගාලා කිව්වා හ්ම්ම් මේවා හොද බඩු
BABY UMMA මම දෙන්නෑ කටු වෙන කෙල්ලෝ දුන්නත් ලෝක නඩු

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ ශීතල යාමේ
වෙමු දග යහනේ උණුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ ශීතල යාමේ
වෙමු දග යහනේ උණුහුම ඕනේ

පිපාසෙන් පෙලෙන තොල් යවන්නැහැ සෙල්ලමක් නොකර
ගෙන්දගම් පොලොව පැගීලා වෙන්නැති රතු පැහැ දෙපතුල් පතොක් මල් වගේ මොළොක්
ඒ මොණර ගෙල වන් වළලුකර බදන් පා සලබ වේවි තොදොල්
රිය සක වන් පුළුලුකුල බොහෝ විනෝදෙන් නළවන දෙපළු වගෙයි දොදොල් OOH OOH

සුවඳ තවරන් නුබ හමන්න සුළග මත් කරන්
මං කරන්නම් භාවනාවක් නිරුවත්වදී නුබවත් ලං කරන්
පිටු ගණන් කලාම දිනපොතේ නෑ මාසයක් වත් තාම
ඒ වුනත් දන්නවා මෙන් හැගේවි අවසන් ආත්ම වාර පහ ම
වර්තමාන කාල පාදපරිචාරිකාව
සුර ලෝකේ චාරිකා යන් අල්ලාගන්න හයියෙන් මාව
හරි ම පරිමාව මට ම හරි ධාරිතාව
අධි සරාගී සංඛ්‍යාතයක් දැන් අපේ නාලිකාව

හඳ පානේ

කෝ එන්න යන්

හඳ පානේ

කෝ එන්න යන්

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ ශීතල යාමේ
වෙමු දග යහනේ උණුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ ශීතල යාමේ
වෙමු දග යහනේ උණුහුම ඕනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Enna Yan Song Lyrics - එන්න යන් ගීතයේ පද පෙළ Enna Yan Song Lyrics - එන්න යන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment