Isuru Dewindu Song Lyrics - ඉසුරු දෙවිඳු ගීතයේ පද පෙළ

Isuru Dewindu Song Lyrics - ඉසුරු දෙවිඳු ගීතයේ පද පෙළ
Song Title : Isuru Dewindu (ඉසුරු දෙවිඳු)
ගායනය : අබේවර්ධන බාලසූරිය සමඟ නිරංජලා සරෝජිනි
පද රචනය : තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
1979 දී තිරගතවූ සරුංගලේ චිත්‍රපටියෙන්


ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි //

කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි
තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි

කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
පිච්ච මලින් යහන සැදෙන්නයි
රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්ඩයි
තැලි පිළි අන්දා පෙර කුල සිරිත රකින්ඩයි
බුලත් හුරුළු දී නෑයන් අවසර ගන්ඩයි
සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්ඩයි

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Isuru Dewindu Song Lyrics - ඉසුරු දෙවිඳු ගීතයේ පද පෙළ Isuru Dewindu Song Lyrics - ඉසුරු දෙවිඳු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment