දඹදෙණි දළදා මැදුර - ශ්‍රී විජයසුන්දරාරාමය ☸️🙏🎋🌿 (Dambadeniya Sri Wijayasundaraaraama Raja Maha Viharaya)

දඹදෙණි දළදා මැදුර - ශ්‍රී විජයසුන්දරාරාමය ☸️🙏🎋🌿 (Dambadeniya Sri Wijayasundaraaraama Raja Maha Viharaya) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ තුන්වෙනි රාජධානියේ කතාවක්... 

ඒ වගේම වසර 12ක් දළදා වහන්සේ වැඩසිටි පුදබිමක් ගැන.

ලක්දිව පිහිටා තිබෙන පුරාණ විහාරස්ථාන අතරින් දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාමරජමහා විහාරස්ථානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්...

ශ්‍රී ලංකාවේ තුන්වන රාජධානිය ලෙස සැලකෙන දඹදෙණිය පුරාවිද්‍යාත්මක, සංස්කෘතික හා සමාජයීය වැදගත්කම් රැසකින් හෙබි ඓතිහාසික රාජධානි සමයේ දී පැවැති ප්‍රධාන ශාසනික මධ්‍යස්ථානයක්...

ආරක්ෂිත පවුරු නගරයක් ලෙස දඹදෙණිය රාජධානිය තුන් දිශාවෙන් පිහිටා ඇති කඳු පන්තීන්ගෙන් ආරක්ෂිත වූ නගරයක් කිව්වොත් නිවැරදි..

අද මේ කියන විජයසුන්දරාරාමය දඹදෙණිය අවධියේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක්...

මොකද විශේෂයෙන් දළදාව හා පාත්‍රා ධාතූන් වහන්සේ වැඩසිටි කාලසීමාව මේ විහාරස්ථානයේ වැදගත් ම කාල සීමාව ලෙස හැඳින්විය හැකියි...

එහිදි දඹදෙණියේ විසූ පාලකයන් සිව් දෙනෙකුගේම නොමද රාජ්‍ය අනුග්‍රහය මෙම විහාරස්ථානයට හිමි වූ බව සදහන් වෙනවා..

දෙවන පරාක්‍රමබාහු රජු මෙහි තෙමහල් දළදා මාලිගයක් ඉදිකර දළදාවේ ආරක්ෂාව සඳහා කටයුතු කර තිබෙනවා..

කුරුණෑගල යුගයේ රචනා කරන ලදැයි අනුමාන කෙරෙන දඹදෙණි අස්නෙහි විජයසුන්දරාරාමයෙහි වසර 12ක් පුරා දළදා වහන්සේ වැඩ හිදි බව සඳහන් වෙනවා...

එසේම පූජාවලියෙහි ද පරාක්‍රමබාහු රජු විසින් තුන් මහල් නව දළදා ගෙයක් කරවූ බව පැවසෙනවා..

විහාරස්ථානයේ දක්නට ලැබෙන ප්‍රධානම ඓතිහාසික ස්මාරකය දළදා මාලිගයයි...

මෙහි ඇතුළු වීමේ දොරටුව නැගෙනහිර දෙසට මුහුණලා පිහිටා තිබෙනවා...

මෙය දෙමහල් ටැම්පිට පිළිම ගෙයක්..

විහාර භූමියේ දැකගත හැකි පුරාවස්තු රාශියකි...

ශිලාමය ඉදිකිරීම් වන සඳකඩ පහන්, කොරවක් ගල්, පාදෝවන, සිරිපතුල් ගල්, පාෂාණ උළුවහු, පාෂාණ පහන්, ගල් පිටගැට,ගල් කුළුණු, පාදම්ගල, ශීර්ෂගල්, ගල් පුවරු එම පුරාවස්තු අතර ප්‍රධාන වෙනවා...

මේ ගැන කතා කරනවා නම් පුරාවිද්‍යාත්මක සාධක ගොඩක් තියෙනවා...

ඔබත් දඹදෙණියේ ගියොත් මෙහි යන්න අමතක කරන්න එපා...

පින්තූර මුල්හිමිකරු සතුයි.. 📸🙏 Travel For Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දඹදෙණි දළදා මැදුර - ශ්‍රී විජයසුන්දරාරාමය ☸️🙏🎋🌿 (Dambadeniya Sri Wijayasundaraaraama Raja Maha Viharaya) දඹදෙණි දළදා මැදුර - ශ්‍රී විජයසුන්දරාරාමය ☸️🙏🎋🌿 (Dambadeniya Sri Wijayasundaraaraama Raja Maha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment