මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - හතරවන කොටස

මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - හතරවන කොටස -Your Choice Way

සමා සටන (Battle of Zama) - ක්‍රි.පූ. 202
ක්‍රි.පූ. 202 දී දැන් ටියුනීසියාවේ සමා අසල දී මේ සටන සිදු වූ අතර දෙවන පනික් යුද්ධයේ(Second Punic War) අවසානය මේ සමග සනිටුහන් විය.  නුමිඩියානු නායක මැසිනිසාගේ තීරණාත්මක සහාය ඇතිව පබ්ලියස් කොර්නේලියස් සිපියෝගේ නායකත්වයෙන් යුත් රෝම හමුදාවක්, හැනිබල්ගේ නායකත්වයෙන් යුත් කාර්තජීනියානු හමුදාව මෙම සටනේදී පරාජයට පත් කළහ.

කාර්තජීනියානු ජෙනරාල් හැනිබල් යනු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම හමුදා නායකයෙකු ලෙස බොහෝ දෙනා පිළිගනී. ඔහු යුද අලි 80 ක් ඇල්ප්ස් සහ පිරීනීස් හරහා ගමන් කරවීම අදටද ඔහු සිදු කල විශ්වාස කිරීමට අපහසු ක්‍රියාවක් ලෙස සලකයි. එහෙත් අවාසනාවකට මෙන් ඔහු සහ ඔහුගේ හමුදාවන් මෙම සටන පරාජය විය.

සාමා සටන, ජෙනරාල් හැනිබල්ගේ ලොකුම පරාජය ලෙසද හැඳින්වේ.  මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ රෝමානු හමුදා විසින් භාවිතා කරන ලද දක්ෂ යුධ උපක්‍රම යි. ඔවුන් විශාල නලා භාවිතා කොට යුධ අලින් බිය කල අතර මේ නිසා ඔවුන්ට කාර්තජීනියානු යුද අලි ඇතුන්ගේ අවධානය වෙනස් කර බිය ගැන්වීමට හැකි විය.  

දෙවන පුනික් යුද්ධයේ අවසානය සටහන් වූයේ මෙම තීරණාත්මක සටනත් සමගය. ඒ සමගම රෝමයට සැලකිය යුතු ලෙස විරුද්ධ වීමට කාර්තේජ්ට ඇති අවස්ථාද අවසන් විය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - හතරවන කොටස මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - හතරවන කොටස Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment