Chumbana Manika Song Lyrics - චුම්බන මැණිකා ගීතයේ පද පෙළ

Chumbana Manika Song Lyrics - චුම්බන මැණිකා ගීතයේ පද පෙළ
Song Title : Chumbana Manika (චුම්බන මැණිකා)
Artiste : Udesh Indula & Dulan ARX
Lyrics : Lasitha Jayaneththi Arachchige
Rap Lyrics : Dulan ARX
Melody & Music : Dilshan L Silva
Mix & Mastering : Dilshan L Silva
Recording Studio : Sa-One Entertainment, Dehiwala, Sri Lanka
Video Script & Director : Sandesh Bandara
Starring : Amanda Jayarathna, Kelum Devanarayana
Cinematography : Irushka Bogoda
Edit Color & Vfx : Maduwantha Jayakody
Hair & Makeup : Iresh Eranga
Production Manager : Tharaka Sandaruwan
Assistant Director : Sandaru Fernando
Photography : Viraj Tharuka
Art Work Design : Bathiya Sandaruwan


ළා කළු සෙවණැල්ල නුඹේ වැදුණත් සිහිලැල්ල දැනේ
හාදු අරන් එයිද මගේ චුම්බන මැණිකා
රත් වෙන සිතුවිල්ල හදේ ලස්සන දැඟලිල්ල ඔබේ
ආසයි සිපගන්න අනේ කම්මුල මිරිකා

කොණ්ඩය වන වනා
ඇස් කොන් කරකවා
තොල් පෙති යටි පැති මෙලෙකයි නුඹ පෙන්නුම් කලා
හංස ගමන් ලතාවේ
අංශක වැඩි වෙලා මේ
පියකරු පියවුරු යහනක් මත නින්දක් ගියාවේ

චුම්බන මැණිකා...

මැණිකා චුම්බන මගෙ හිත කළම්බන
ආයෙ වෙන්නෙ විලම්භන
යහනට හීනෙන්ම කැන්දන
නෙතඟින් හෙලපු සරින්ම බන්ධන
මං කෝඩුකාර වගෙ රඟපෑවා හැබැයි කෝඩුකාර නෙමෙයි
ඒ විසේකාර රුව දැක්කපාර හිත පත්තු වෙවි නිවෙයි
සැවැන්දරා සුවඳ තවරා
වැට ගාව බලන් ඉන්නෙ දැන් අන්දර
හිතින් දරා උන්න දුක් කන්දර
හින්දුවෙ නුඹමයි සුන්දර සුන්දර
කෙල්ලෙ කෙල්ලෙ මං ඒරොප්පෙන් නෙමෙයි 
මං ගමේ කොල්ලා තාමත් එහෙමයි දඩබ්බර
මං මල්සරා ඔව් හිත්හොරා මත් වුනේ බැල්මකින් ගින්දර ගින්දර

ඉස්තරම්ම තැන ඇස් කළඹා යන
මී පැණි වක්කල හීනෙක බැහැගෙන
පීන පයෝධර පීනමි මං අද 
රසය පරම තැන උකුලකි යුරු සක
නාරිලතා මල පීදී එන රඟ 
සුවඳයි මුවරද මත් වෙයි සියොලඟ
දැහැනක සිටි මම මුණිවර සිත බිඳ ලෞකික සැපයට ඔයා අරන් ගියා අද

කොණ්ඩය වන වනා
ඇස් කොන් කරකවා
තොල් පෙති යටි පැති මෙලෙකයි නුඹ පෙන්නුම් කලා
හංස ගමන් ලතාවේ
අංශක වැඩි වෙලා මේ
පියකරු පියවුරු යහනක් මත නින්දක් ගියාවේ

ළා කළු සෙවණැල්ල නුඹේ වැදුණත් සිහිලැල්ල දැනේ
හාදු අරන් එයිද මගේ චුම්බන මැණිකා
රත් වෙන සිතුවිල්ල හදේ ලස්සන දැඟලිල්ල ඔබේ
ආසයි සිපගන්න අනේ කම්මුල මිරිකා

කොණ්ඩය වන වනා
ඇස් කොන් කරකවා
තොල් පෙති යටි පැති මෙලෙකයි නුඹ පෙන්නුම් කලා
හංස ගමන් ලතාවේ
අංශක වැඩි වෙලා මේ
පියකරු පියවුරු යහනක් මත නින්දක් ගියාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chumbana Manika Song Lyrics - චුම්බන මැණිකා ගීතයේ පද පෙළ Chumbana Manika Song Lyrics - චුම්බන මැණිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment