Waiwarna Naari Song Lyrics - වෛවර්ණ නාරි ගීතයේ පද පෙළ

Waiwarna Naari Song Lyrics - වෛවර්ණ නාරි ගීතයේ පද පෙළ
Song Title : Waiwarna Naari (වෛවර්ණ නාරි)
Artiste : Chethana Ranasinghe
Music : Pasan Liyanage
Lyrics : Shehan Galahitiyawa
Mixing & Mastering : Mixed @ Redfox Studios
Mastered by Misjah (Netherlands)
Recorder by Lucky and Rihan @ Redfox
Starring Chethana Ranasinghe and Pathum Janith
Music video director : Sandesh Bandara
Cinematography : Irushka Bogoda
Edit and Color : Maduwantha Jayakody at AIKON recording studio
Production manager : Tharaka Sandaruwan
Hair and Makeup : Iresh Eranga
Assistant Director : Dananjaya Sandaruwan Fernando


සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ

සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න සෘංගාරෙන් මත්වී මා හා සරා

දේදුන්න සත් පැහැ ගැණුනේ මා රුව නිසාලූ
ගගනේ තරු ඔච්චම් කෙරුවේ මා ඉඟි බලාලූ
දේදුන්න සත් පැහැ ගැණුනේ මා රුව නිසාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න සෘංගාරෙන් මත්වී මා හා සරා

සඳ රෑට සිත්තම් මැව්නේ මා හස නිසාලූ
පවන පිනි සිහිලැල් කෙරුණේ මා පෙම අසාලූ
සඳ රෑට සිත්තම් මැව්නේ මා හස නිසාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න සෘංගාරෙන් මත්වී මා හා සරා




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waiwarna Naari Song Lyrics - වෛවර්ණ නාරි ගීතයේ පද පෙළ Waiwarna Naari Song Lyrics - වෛවර්ණ නාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment