එලවළු තොසේ හදමු (Vegetable Dosai)

එලවළු තොසේ හදමු (Vegetable Dosai) - Your Choice Way
රස තොසේ recipe එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. අපි බලමු මේ තොසේ එක හදන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ✅ කැකුළු හාල් ¼ cup
  • ✅ වටානා ¼ cup
  • ✅ මයිසුර් පරිප්පු ¼ cup
  • ✅ පොල් කිරි 
  • ✅ ලුණු රස අනුව
  • ✅ රට ළූණු 1 (සිහින්ව කපා ගත්)
  • ✅ කරපිංචා ඉති 2-3 ක් (සිහින්ව කපා ගත්)
  • ✅ සාමාන්‍ය ප්‍රමාණයේ කැරට්  2 ක් (සිහින්ව කපා ගත්)
  • ✅ කැමති පලා වර්ගයක් (සිහින්ව කපා ගත්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම හාල්, වටානා, මයිසුර් පරිප්පු පෙගෙන්න පැය 3ක් පමණ තබන්න. ඉන්පසු පොගවා ගත් හාල් පරිප්පු මීශ්‍රනය Blender cup එකට දමා පොල් කිරි ස්වල්පයක් සහ ලුණු එකතු කර Blender කරගන්න.(පෑන් කේක් පදමට හදාගන්න) 
  2. Blender කරගත් මෙම මීශ්‍රනයට කැරට් සහ පලා වර්ගයක් එකතු කොට ටික වෙලාවක් තබන්න.
  3. දැන් පෑන් එකක් ලිප තබා අබ, කරපිංචා, ළූණු එක්කර රන්වන් පාට වන තෙක් බැදගන්න.
  4. ඉන්පසු එම ළූණු කරපිංචා තොසේ මීශ්‍රනයට එකතු කර කලවම් කරන්න. 
  5. දැන් පෑන් එකක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු විට මීශ්‍රනයෙන් කොටසක් ගෙන පෑන් එකට දමා තුනී කර දෙපැත්ත පුච්චගන්න.

ඔයාලා කැමති එළවළු වර්ග, ධාන්‍ය වර්ග වෙනස් කරගෙන මෙම තොසේ වෙනස් රසට හදාගන්න පුළුවන්. ඔයාලට මේ තොසේ සාම්බාරු හොද්ද එක්ක,  තොසේ සම්බෝල එක්ක කෑමට එකතු කර ගන්න පුළුවන්.
එලවළු තොසේ හදමු (Vegetable Dosai) - Your Choice Way
මේ තොසේ එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එලවළු තොසේ හදමු (Vegetable Dosai) එලවළු තොසේ හදමු (Vegetable Dosai) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment