Viduli Kotai Song Lyrics - විදුලි කොටයි ගීතයේ පද පෙළ

Viduli Kotai Song Lyrics - විදුලි කොටයි ගීතයේ පද පෙළ
Song Title : Viduli Kotai (විදුලි කොටයි)
Artist : Poorna Sachintha
Lyrics : Gihan Chamika
Melody & Music : Chathurangana de Silva
Teledrama : මල් පිපෙන කාලේ - ටෙලි නාට්‍ය TV Derana


ගිරිමාවක පිපුනද ඉර මල්මදහාසින්
නිල්මානෙල් පෙතිදෝ නිල් ඇස් මට යාවුනී
මාත්‍රා ගැන නොහිතා ආල කවිය ලියවුනී
රජ වෙන්නම හිතුනා වෙනවද මගෙ රාජිණී
හද ගැස්සුවා අප්සරා මං ගොළුවුනා
ඔය අත පතා මං ඉතා තැන්පත් වුනා

විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විකාර බඹරුන්ට මල් පිපෙන කාලේ
වැරැද්ද දැක්කේම නෑ
කුමාර බඹසරට අඩුපාඩු නෑනේ
රොනින් එහා ගියේම නෑ
මල් උකුළේ ඇළවෙන්නම්
පෙම් යායේ නැළවෙන්නම්

විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

කොපුල් තළාවන්ගෙ වැසි වසින හාදු
මවන්න හිත නැතුව බෑ
මලවිගෙ විල් තීරේ රන් හංස ජෝඩු
ශීතල උහුලන්නෙ නෑ
දග දෙතොලේ පැටලෙන්නම්
ලං ලංවී දැවටෙන්නම්

විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Viduli Kotai Song Lyrics - විදුලි කොටයි ගීතයේ පද පෙළ Viduli Kotai Song Lyrics - විදුලි කොටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment