Ane Sir Mata Niwadu Nam Denna Epa Song Lyrics - අනේ සර් මට නිවාඩු නම් දෙන්න එපා ගීතයේ පද පෙළ

Ane Sir Mata Niwadu Nam Denna Epa Song Lyrics - අනේ සර් මට නිවාඩු නම් දෙන්න එපා ගීතයේ පද පෙළ
Song Title : Ane Sir Mata Niwadu Nam Denna Epa (අනේ සර් මට නිවාඩු නම් දෙන්න එපා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


අනේ සර්
මට නිවාඩු නම් දෙන්න එපා සර්
මිසීට වැඩ තියෙන දාට නිවාඩු නම් එපාය මට සර්
අනේ සර් ...//

ඇඟට කැපෙන සාරි ඇඳන් හැම දෙනාම කරන වසී
කන්තෝරුවෙ මං ළඟින්ම හිනා වෙවී ඉන්න මිසී
උදේ පාන්දර දැක්කම මල් වරුසා හතක් වසී
මට නිවාඩු යන්නට බෑ වැඩ කරනා දාට මිසී

අනේ සර්
මට නිවාඩු නම් දෙන්න එපා සර්
මිසීට වැඩ තියෙන දාට නිවාඩු නම් එපාය මට සර්
අනේ සර්

ආවතේව කරන අපට කරුණාවෙන් ඉන්න මිසී
කාගේ හෝ රජ මැදුරක රජ බිසවක් වෙන්ට මිසී
අපේ අතින් වැරදි වුණත් තරහක් නෑ හිතට කිසී
මට නිවාඩු යන්නට බෑ මෙහෙ දාලා මගේ මිසී

අනේ සර්
මට නිවාඩු නම් දෙන්න එපා සර්
මිසීට වැඩ තියෙන දාට නිවාඩු නම් එපාය මට සර්
අනේ සර්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ane Sir Mata Niwadu Nam Denna Epa Song Lyrics - අනේ සර් මට නිවාඩු නම් දෙන්න එපා ගීතයේ පද පෙළ Ane Sir Mata Niwadu Nam Denna Epa Song Lyrics - අනේ සර් මට නිවාඩු නම් දෙන්න එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment