Chithakaye Gini Song Lyrics - චිතකයේ ගිනි ගීතයේ පද පෙළ

Chithakaye Gini Song Lyrics - චිතකයේ ගිනි ගීතයේ පද පෙළ
Song Title : Chithakaye Gini (චිතකයේ ගිනි)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ශාන්ත ජයලත් තිසේරා
තනුව හා සංගීතය : ශාන්ත ජයලත් තිසේරා


චිතකයේ ගිනි නිවෙනවා අම්මේ
සත්තමයි නුඹ නම් නිවන් යන්නේ
අළු යටින් ගිනි පුපුරු මතු වන්නේ
මහගෙදර ගිනි සෙමෙන් දලු ලන්නේ

සුදු කොඩිත් වැට ඉනිවලට ගන්නේ
සිවු කොණේ මායිම් වෙනස් වන්නේ
හතෙන් බෙදලා හත් දොහේ දානේ
කොටස දොර ළඟ තබා උන් යන්නේ

චිතකයේ ගිනි නිවෙනවා අම්මේ
සත්තමයි නුඹ නම් නිවන් යන්නේ
අළු යටින් ගිනි පුපුරු මතු වන්නේ
මහගෙදර ගිනි සෙමෙන් දලු ලන්නේ

තනිවමයි මම නුඹත් නැති ගෙදර
එනිසාද මට දැනුණෙ නුඹෙ සුවඳ
මමත් තනිකඩ වී නොසිටියා නම්
පැන් වඩන්නේ කවුද හෙට ගෙදර

චිතකයේ ගිනි නිවෙනවා අම්මේ
සත්තමයි නුඹ නම් නිවන් යන්නේ
අළු යටින් ගිනි පුපුරු මතු වන්නේ
මහගෙදර ගිනි සෙමෙන් දලු ලන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chithakaye Gini Song Lyrics - චිතකයේ ගිනි ගීතයේ පද පෙළ Chithakaye Gini Song Lyrics - චිතකයේ ගිනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment