Sanda Eliya Song Lyrics - සඳ එළිය ගීතයේ පද පෙළ

Sanda Eliya Song Lyrics - සද එළිය ගීතයේ පද පෙළ

Sanda Eliya Song Lyrics - සද එළිය ගීතයේ පද පෙළ
Song Title : Sanda Eliya (සද එළිය)
Singing : Kasun Kalhara & Indrachapa Liyanage
Music : Raj
Lyrics : Nuwan Thotawaththa
Co Produced By : Kapil
Mixed and Mastered by : Ruban 


මේ රාත්‍රි යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුහුමයි ඒ

එළියක් සඳ නිසා අඳෙනු දකිනෙමි
කළුවන් වලා පරදනා
සුළඟක් වඩින (වදින) තුරු මඟබලා ඉමි
සඳවත දෙනෙත හමුවනා

ඒ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙළෙස මා සොයම්දෝ
සඳවතේ

මේ නිල් ජලාසේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ

පර මල් විලක රොන් රස සොයා යන
මේ දිගු ගමන නිමවෙනා
මධු රොන් පිරුණු නුඹේ වත හමුවන
දින ගැන පැතුම් පීදෙනා

මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
ඇදෙමි ඒ සිත් මලේ
රොන් සොයා

දහසක් කළු වලා අතර මෙතුවක්
හද පැතු එළිය සැඟවෙනා
සුළඟක් අවැසි නුඹේ උව දකිනට
සුළඟක් මවනු කෙළෙස මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Eliya Song Lyrics - සඳ එළිය ගීතයේ පද පෙළ Sanda Eliya Song Lyrics - සඳ එළිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment