Mage Thaniyata Song Lyrics - මගේ තනියට ගීතයේ පද පෙළ

Mage Thaniyata Song Lyrics - මගේ තනියට ගීතයේ පද පෙළ
Song Title : Mage Thaniyata (මගේ තනියට)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : රාජාංගනයේ ආරියවංශ හිමි
තනුව : සඳරුවන් ජයසිංහ


මගේ තනියට
අද මං තනියම
ඔබ ගිය තැන සතුටින් ඉන්න
වැරදුනමුත් අද
මට මගෙ මාවත
ඔබට දුකක් නොපතමි කිසිදින

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

ඔබේ මත්තේ හුස්ම ඇත්තේ
ඔබම විතරයි එය නොදන්නේ
කවුද ඇත්තේ ඔබට පණ සේ
ආදරේ මේ මං වගේ

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

කඳුළු අස්සේ සතුට තිබුනේ
නොදැනම නොවෙයි ඔබ වෙන්වුනේ
ඔබෙන් මත්තේ පැතුම් නැත්තේ
දිනක මළත් මා ආ මගේ

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

මගේ තනියට
අද මං තනියම
ඔබ ගිය තැන සතුටින් ඉන්න
වැරදුනමුත් අද
මට මගෙ මාවත
ඔබට දුකක් නොපතමි කිසිදින

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Thaniyata Song Lyrics - මගේ තනියට ගීතයේ පද පෙළ Mage Thaniyata Song Lyrics - මගේ තනියට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment