Kirula Muthu Lihi Sara Sara Handin Song Lyrics - කිරුළ මුතු ලිහී සර සර හඬින් ගීතයේ පද පෙළ

Kirula Muthu Lihi Sara Sara Handin Song Lyrics - කිරුළ මුතු ලිහී සර සර හඬින් ගීතයේ පද පෙළ
Song Title : Kirula Muthu Lihi Sara Sara Handin (කිරුළ මුතු ලිහී සර සර හඬින්)
ගායනය : ජානක වික්‍රමසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද : රත්න ශ්‍රී විජේසිංහ


කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kirula Muthu Lihi Sara Sara Handin Song Lyrics - කිරුළ මුතු ලිහී සර සර හඬින් ගීතයේ පද පෙළ Kirula Muthu Lihi Sara Sara Handin Song Lyrics - කිරුළ මුතු ලිහී සර සර හඬින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2021 Rating: 5

0 comments:

Post a Comment