Kalakata Passe Song Lyrics - කලකට පස්සේ ගීතයේ පද පෙළ

Kalakata Passe Song Lyrics - කලකට පස්සේ ගීතයේ පද පෙළ
Song Title : Kalakata Passe (කලකට පස්සේ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරී
පුදුම හිතන්නත් එපා මගේ සොඳුරී
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

පහුගිය දවසක මගෙ ජීවිත උයනේ
ඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනා
රුවැති මලක් පිපුණා
ඒ මල් සුවඳින් ප්‍රාර්ථනා නැහැවී
මුළු ජීවිතයම මල් සුවඳයි

ලැබුවේ කොහෙන්ද සුර මල් ලොවෙන්ද
තව හොඳ හොඳ මල් තව තව තියේද
ඒවා අහන්නෙපා සොයලා බලන්නෙපා

ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

සිහිනේ තවමත් පෙණෙනවා
සවනේ මුමුණා ඇසෙනවා
සුළඟේ සුවඳක් දැණෙනවා
දිවියේ රොන් රස තියෙනවා

ඔබ හමු නොවුණා කියලා තරහා වෙන්නෙපා
ඔබ ඇමතුවෙ නෑ කියලා අමනාප වෙන්නෙපා
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

මට ඔබ හිමි නෑ කියලා තරහා වෙන්නෙපා
මම ඔබ ළඟ නෑ කියලා අමනාප වෙන්නෙපා

තාමත් පෙණෙනවා
මුමුණා ඇසෙනවා
සුවඳක් දැණෙනවා
රොන් රස තියෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalakata Passe Song Lyrics - කලකට පස්සේ ගීතයේ පද පෙළ Kalakata Passe Song Lyrics - කලකට පස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment