Gayanna Awe Nangi Malli Song Lyrics - ගයන්න ආවෙ නංගි මල්ලී ගීතයේ පද පෙළ

Gayanna Awe Nangi Malli Song Lyrics - ගයන්න ආවෙ නංගි මල්ලී ගීතයේ පද පෙළ
Song Title : Gayanna Awe Nangi Malli (ගයන්න ආවෙ නංගි මල්ලී)
ගායනය : සන්ෆ්ලවර්ස් (අතුල අධිකාරී, සුදත් නාවලගේ, අයිවෝ ද මෙල්, ක්‍රිස්ටෝපර් ලියනගේ සහ නීල් වර්ණකුලසූරිය
පද : හේමසිරි හල්පිට
සංගීතය : සන්ෆ්ලවර්ස්


හොයි හොයි හොයි හොයි හොයි හොයි හොයි

ලල් ලල් ලා
ලාල ලාල ලා ....////

Come on I want to do the dance
I go and stay  you with the dance
Come on and dance
Come on and dance
Dance till the morning sun

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ
                
ලල් ලල් ලා
ලාල ලාල ලා ....////

පාට පාට හීන ලෝකෙ පාවෙන්නේ
ආදරේ සොයාල නේද මේ යන්නේ
මී පැණී ගඟේ නොවේද පීනන්නේ
ඕන රාග තාල නේද මේ දෙන්නේ

රසේ පිරීතිරීලා වෑහීලා
ගලා ගලා ගියාලු පාවීලා
නොදන්න ඈයො මේක තේරීලා
හිමින්ම මාරු වේවි හැංගිලා

බලන්න කෝ අපේ
ගැයුම් වැයුම් වගේ
ඉමක් කොනක් නැතේ
අනන්ත සාගරේ වගේ

අහන්න මේ විනෝද ගීතේ
රැඳෙන්න සීන පාරාදීසේ
රිදී සිනා සලා
එමින් පියාඹලා
රඟන්න ගීත සාදයේ

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ

දෑත දෑත මේ බැඳීලා පෑහෙන්නේ
මේ වගේ දිනක් නෙ ආයෙ නෑ එන්නේ
ශෝකතාප වේදනාව නෑ දන්නේ
ආදරේට ආදරේලු මේ දෙන්නේ

ගයන්න වේදිකාවෙ රඟපාලා
අහන්න සෑමදාම නැළවීලා
ඉඳින්න ජීවිතේම එක්වීලා
බැඳෙන්න වාද බේද හැරදාලා

කරන්න ආදරේ
නොවෙන්න කෑදරේ
තවත් කියුම් තිබේ
කියන්න ඕන ජාතියේ

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gayanna Awe Nangi Malli Song Lyrics - ගයන්න ආවෙ නංගි මල්ලී ගීතයේ පද පෙළ Gayanna Awe Nangi Malli Song Lyrics - ගයන්න ආවෙ නංගි මල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment