Api Raga Wayanawa (Minisune) Song Lyrics - අපි රාග වයනවා (මිනිස්සුනේ) ගීතයේ පද පෙළ

Api Raga Wayanawa (Minisune) Song Lyrics - අපි රාග වයනවා (මිනිස්සුනේ) ගීතයේ පද පෙළ
Song Title : Api Raga Wayanawa (Minisune) (අපි රාග වයනවා (මිනිස්සුනේ))
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන, භද්‍රජී මහින්ද ජයතිලක
සංගීතය : රුක්ශාන් කරුණානායක
ගී පද : භද්‍රජී මහින්ද ජයතිලක


අපි රාග වයනවා
අපි බයිලා නටනවා
හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා
දනුත් බෙදනවා
මස් මාලුත් කනවා
බණත් අහනවා
හිතුනොත් බොරුත් කියනවා //

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙත ලා
අපි ආවේ නැහැනේ //

අපි සණ්ඩු කරනවා
සාමය සොයා දුවනවා
වරදක් තේරුණාම හිසත් නවනවා
අපි දුකත් විඳිනවා
සමහරු සැපත් විඳිනවා
ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙත ලා
අපි ආවේ නැහැනේ //

අපි ප්‍රේම කරනවා
අතරේ වෛර කරනවා
අඳුරේ වැටුණ වලේ දවල් වැටෙනවා
කණුත් තියනවා
හිතුනම ලණුත් අදිනවා
බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකෙ පවතින්නේ
එවන් මිනිස් හැඟුම් නිසානේ

ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකෙ පවතින්නේ
මෙවන් මිනිස් හැඟුම් නිසා නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Raga Wayanawa (Minisune) Song Lyrics - අපි රාග වයනවා (මිනිස්සුනේ) ගීතයේ පද පෙළ Api Raga Wayanawa (Minisune) Song Lyrics - අපි රාග වයනවා (මිනිස්සුනේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment