Aan Nage Song Lyrics - ආන් නඟේ ගීතයේ පද පෙළ

Aan Nage Song Lyrics - ආන් නඟේ ගීතයේ පද පෙළ

Aan Nage Song Lyrics - ආන් නඟේ ගීතයේ පද පෙළ
Song Title : Aan Nage (ආන් නඟේ)
ගායනය : ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල


ආන් නඟේ සල් අත්තේ පාන් කිරිත්තා
මේන් බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුණා නගේ ඌ තනි හින්දා
අයියණ්ඩියෙ ඉගිලුණාද පාන් කිරිත්තා
ආන් එතන සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුනේ හිත අහවල් දේටද මන්දා

රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ
රටා පුරන සෙවණැලි පෙළ දියේ ඇදෙන්නේ
හීන් නගා හෙට මං යන පාර බලන්නා
හිරු දෙවියෝ ඉර සේවෙට ඒවි ද මන්දා

මිදුල පුරා ඔළිඳ වැලේ ඇට ඉහිරෙනවා
කඳුළු බිංදු වෙනුවට මං ඔළිඳ ගණිනවා
කොලොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා
නුඹ සිහිවී හිත එනකොට ගම රට යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aan Nage Song Lyrics - ආන් නඟේ ගීතයේ පද පෙළ Aan Nage Song Lyrics - ආන් නඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2021 Rating: 5

0 comments:

Post a Comment