Ahaliya Mala Song Lyrics - ඇහැළිය මල ගීතයේ පද පෙළ

Ahaliya Mala Song Lyrics - ඇහැළිය මල ගීතයේ පද පෙළ
Song Title : Ahaliya Mala (ඇහැළිය මල)
Singing : Uzi Senadeera & Dilki Uresha
Music Produced by Chamath Sangeeth
Lyrics : Yashodha Adhikari
Rap Lyrics : Uzi Senadeera
Mixed and Mastered By Chamath Sangeeth @ C Music Studios
Guitars : Shane Vas
Director/ Cinematography : Pasindu Kaushalya
Editor & Colorist : Hasitha Jayasanka
VFX : Kanishka Maduranga
Assistant Director : Dilshan Sajun 
Production Manager : Viraj Chiranjith
Camera Assistance : Vihanga Hirusha/ Madusanka Yomal
Makeup & Hair : Nishan Sandaruwan
Costume Designer : Imagine It


මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැළිය මල මම මඳ සුලඟට
වුව සැලෙනා
නුඹ සැඩ සුලඟකි මග එන බව
දැන සිටියා

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මැද දැවුනා
රැය නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ වුනා රෑ නුඹ අමතා
නුඹ කීම මේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසෙනා (ඇසිලා)
හිත රිදුනා

හොයනවා හීනෙක මාව
මුමුනන ගීතෙක රාව
කෙලෙසද අපි අපේ වෙලා
අද හමුනොවී දෙතැනක හොයනවා කාව

දුක දැක සතුටේ හිදින්නම්
මතකය තුරුලේ නිදන්නම්
ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම්
මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම

ආලෙට තිව්වා තිතක්
කඩන්න බෑ මට තවත් හිතක්
ඇහැළියා මං (මල්) ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා
කන්නකි නුඹ මං දෙන්න හොවාලම්
ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්

රෝස තුඩක් වගේ
තියුනු බවින් පිරි
ආදරේ කියන්නේ අමුතු විසක්

රාගි දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත් පෙති මලක් ය අද තමා සිහිවුනේ
මගේ අතින් ගිලිහුනු

දෑසින් රූරා වැටෙන්නෙ කඳුලක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක්ක දවසක
පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මැද දැවුනා
රැය නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ වුනා රෑ නුඹ අමතා
නුඹ කීම මේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසෙනා (ඇසිලා)
හිත රිදුනා

දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී
වතාවක් වතාවක් ආයෙ මම නාවත්
දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි
අවසරයි තිතක් තියන් යන්න මතු
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනි

සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක්
මං ආයේ පාරක් මට කියන්නේ කුමක්
දැන් මන්දන්නේ නුඹෙන් තොරවූ ලොවක්

හීන එක්ක මියයන
දවසක් නෑ යලි එන
ඉකි බිදි නැසුනත්
දයිවය (දෛවය) සරදමක් නිසා
අවසන් ඇමතුමයි මම ඔබ අමතන

ලං වෙන්න ලං වෙන්න මං දැක්කේ
වෙනත් දුර හීන
අපි අපේ ලෝකේ හොයන් ආ මග
නැවතීය
අපේ පටුනෙන් ඇරබී
පිටුවෙන් පිටුව
සායම් බිදු විසිරීය
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ
නිමවීය නොදැනීම

මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැළිය මල මම මඳ සුලඟට
වුව සැලෙනා
නුඹ සැඩ සුලඟකි මග එන බව
දැන සිටියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahaliya Mala Song Lyrics - ඇහැළිය මල ගීතයේ පද පෙළ Ahaliya Mala Song Lyrics - ඇහැළිය මල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2021 Rating: 5

0 comments:

Post a Comment