Parana Kale Ape Siyala Song Lyrics - පරණ කාලේ අපෙ සීයලා ගීතයේ පද පෙළ

Parana Kale Ape Siyala Song Lyrics - පරණ කාලේ අපෙ සීයලා ගීතයේ පද පෙළ
Song Title : Parana Kale Ape Siyala (පරණ කාලේ අපෙ සීයලා)
ගායනය : එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති  
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


පරණ කාලේ අපෙ සීයලා ආච්චිලත් සමග දීග
කාපු ලෙසට ගෙන යමු අපෙ ජීවිත මුස්පේන්තු නැතුව

දැන් හරි නෑ ඔය කෝලම්

ඒයි බොලන් බාසාවෙන් මෙපමණ කල් ඇමුණු මාලේ
කෝලම් වුනෙ මංද සුපිනො ළං වුනාද අපල කාලේ

දෙවියො රකී එහෙම වුනොත්

තිබුන සිතේ දුටුදා සිට ඔයා ගැනම කල්පනාව
ලැබුණ ලකට ඩොමීනියන් අපි දෙන්නගෙ වාසනාව

තියමුකො අපි ඉස්ටේටස්

කේන්දරේ මගෙ තිබුනා කවද නමුත් සැප විදින්න
මෝරපු මොලයක් ඇති ගුරුතුමෙක් සමග පැනලා යන්න

කෝලි නැතුව වරෙන් කරට

බඩේ තියන කිරි කොස් පොතුවල සුදු සුදු මල් පිපෙන්න
ඉංගිරිසිය තමයි අපට පිහිට වුනේ පවුල් වෙන්න

ඒක හොදයි සාස්තරේ

නෝස් කියලා නිකට හොල්ලා බොරුවට මගෙ කණ මිරිකලා
ජුන්ඩා කොලුට කොලේ වහලා මොනවද රහසෙන් දොඩවලා

කම් ටු මී මයි සිම්ප්ලිසිටී

ලෝකයෙ තව චපල නීච දීන ගෑණු ඇති වුනාට
දුප්පත් මේ සුපිනා කෙල්ල පත්තිනි අම්මෙකි ඔබ හට

මැනේජරුත් එහෙම කිව්වා

ගිරවි වගේ නැළවි නැළවි මට සැප දෙන සකුන්තලා
මවුන් බැටන් යුවල වගේ වසමු අපිත් පදම් වෙලා

පිනට පිනයි සීනි මුලයි

සකුන්තලා මම වෙමි නම් ඔබ වෙයි මගෙ දුෂ්මන්තා
නැහැ මම අංජනම් දේවි ඔබ වානර හනුමන්තා

අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
උසි කපුටෝ උසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parana Kale Ape Siyala Song Lyrics - පරණ කාලේ අපෙ සීයලා ගීතයේ පද පෙළ Parana Kale Ape Siyala Song Lyrics - පරණ කාලේ අපෙ සීයලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment