Your Choice Way

Numba Nadan Song Lyrics - උඹ නාඩන් ගීතයේ පද පෙළ

Numba Nadan Song Lyrics - උඹ නාඩන් ගීතයේ පද පෙළ
Song Title : Numba Nadan (උඹ නාඩන්)
Singing : Gypsies with Sunil Perera


උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්

යන්තරකරු ගියෙ බලන්න
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
මම කිල්ලට අහු වෙලාලු
යන්තරේ බල නැති වෙලාලු
ණයට ගත්ත 500ත් මෙමට නැතිඋනා

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

කඳු නැගලා කඳු බැහැලා මාස ගණන් දුක් විඳලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන්
මගේ ෆුල්ඩම් එක දමලා ගත්තා වංගුව කපලා
අඹ ලෙල්ලක ලිස්සල මං ගියානේ ගුවනින්

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්

හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
දණිපණි ගා නැගිටල මම ආයෙත් පැද්දේ
හති දාගෙන පැද්දත් මං අන්තිමේදී තද වෙහෙසින්
දිනුම් කනුව ළඟට ආවේ හූ හඬ මැද්දේ

මම නම් ගඟේ පනිනවා
ජලය බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ලයිෆ් එක එපා කියනවා
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සේවෙ කරල
සිනමාවට ඇන්ටර් උනේ අතින් ගෙවල මං
ප්‍රඩියුසර්ට වැඳල පුදල කැමරමන්ට සපොර්ට් කොරල
ඇට් කොරන්ඩ ලැබුනේ එකම සීන් එකයි බන්

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්…

මංගල දර්ශනේ බලන්න මගෙ මිතුරන් වටකරගෙන
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං
හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑනේ දැන්

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා…
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා…
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Nadan Song Lyrics - උඹ නාඩන් ගීතයේ පද පෙළ Numba Nadan Song Lyrics - උඹ නාඩන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, September 18, 2021 Rating: 5

0 comments:

Post a Comment