කටුවැල්බටු [Katuwelbatu] (Solanum virginianum)

කටුවැල්බටු [Katuwelbatu] (Solanum virginianum) - Your Choice Way
☘️ මෙය ඇලෙන සුළු තියුණු කටු සහිත කුඩා පඳුරුමය ශාකයකි. 

☘️ සෙ.මි 20 - 40 පමණ උසට වැඩේ. 

☘️ පොළවට සමාන්තරව වැඩෙන ශඛාවල දීප්තිමත් කහ පැහැයෙන් යුතු තියුණු කටු ඇත. 

☘️ පක්ෂවත් සරල පත්‍රයක් දිග සෙ.මි 10 සහ පළල සෙ.මි 9 දක්වා වර්ධනය වේ. පත්‍ර නටුවේ සහ පත්‍ර නාරටිවලද තියුණු කටු තිබේ. 

☘️ පුෂ්ප මංජරියෙහි දම් පැහැති මල් කීපයක් දරයි. 

☘️ කොළ පැහැති වටකුරු ඵලය ඉදුණු පසු කහ පැහැයක් ගනී. ඒ තුල කහ පැහැති සුමට බීජ රාශියකි. 

☘️ වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල හීන් කටුවැල්බටු සහ මහ කටුවැල්බටු යනුවෙන් ප්‍රභේද දෙකක් ඇති බවත් දුර්ලභව සුදු මල් පිපෙන වර්ගයක්ද හමුවන බවත් සඳහන් කර ඇත. 

☘️ මෙරට වැවෙන දේශීය ශාකයක් වූවත් ඖෂධ සඳහා සුලභව ආනයනය කරන ශාකයක් බවටද පත්වී ඇති කටුවැල්බටු Solanaceae කුලයට අයත් ය.

☘️ ක්ෂය රෝගය, ඇදුම, උගුරේ ආබාධ, කැස්ස, වමනය, පණු රෝග, අපස්මාරය, උඳුගොව්වා කෑම, දද, කුෂ්ට, හොරි, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ගල් ආදී රෝග අවස්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කටුවැල්බටු මුල්, මල්, ගෙඩි සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. 

☘️ කණ්ඨකාරී ක්වාතය, නිධිග්ධිකාදී ක්වාථය, කණ්ඨකාරී ස්වරසය, කණ්ඨකාරී කල්කය, කණ්ඨකාර්යාවලේහය, කටුවැල්බටු මල් රේණු චූර්ණය, දශමූලාරිෂ්ටය, දශමූල ක්වාතයථය, පංච තික්ත සෘතය ආදීය කටුවැල්බටු යොදා නිපදවන ඖෂධයන් ය.

☘️ ඇදුම රෝගීන්ට කටුවැල්බටු කෂාය හා සෘත වශයෙන් යෙදීමත්, කටුවැල්බටු, මී පැණි, පෙරුම්කායම් අඹරාගත් කල්කය දීමත් සිදු කරයි. 

☘️ කල්පවතින කැස්සට කටුවැල්බටු සම්පූර්ණ ශාකයම කෂාය කර බීමට දෙයි. ස්වර භේදයට (උගුර බැරැන්ඩියට) කටුවැල්බටු මුල්, එළබටු මුල්, දේවදාර, කොත්තමල්ලි, වියළි ඉගුරු කෂාය කර බීමෙන් සුවය ලැබෙයි. 

☘️ කටුවැල්බටු ගෙඩි යුෂ මී පැණි සමඟ ගැනීම මුත්‍ර අඩස්සයට සම මුත්‍ර ගල් සඳහා ප්‍රතිකාරයකි. 

☘️ මෙම ඇට චූර්ණය අඹරා ගෑමෙන් උඳුගෙව්වන් කෑම සුව වෙයි. 

☘️ දරුණු ඇදුම රෝග තත්වයට "කණ්ඨකාර්යාවලේහය" ඉතාම ගුණදායක ඔසුවක් බව දක්වා ඇත. කටුවැල්බටු වේදනා නාශක, මුත්‍ර කාරක, කුසගිනි වඩවන, වාජීකරණ සහ පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් සේයාරූ අන්තර්ජාලයෙන්
කටුවැල්බටු [Katuwelbatu] (Solanum virginianum) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කටුවැල්බටු [Katuwelbatu] (Solanum virginianum) කටුවැල්බටු [Katuwelbatu] (Solanum virginianum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2021 Rating: 5

0 comments:

Post a Comment