ඖෂධීය ගුණයෙන් පිරි තැඹිලි (Thabili - King Coconut)

ඖෂධීය ගුණයෙන් පිරි තැඹිලි ( Thabili - King Coconut) - Your Choice Way
🌴 තැඹිලි අප අතර ප්‍රසිද්ධ ප්‍රණීත පානයක් විදියට. එහෙත් බොහෝ දෙනෙක් තැඹිලි ගැන නොදන්න ගුණ ගොඩක් තියනවා. තැඹිලි කියන්නේ අපේ රටට ආවේණික ශාකයක්. ලංකාවේ තැඹිලි වර්ග ගණනාවක්ම තියෙනවා. මාස 7ක් 8ක් පුරා ජෛව පරිසිදු වීමේ ක්‍රියාවලියකට ලක් වෙලා නිපදවන තැඹිලි වතුර ජීවානු හරිතයි.

🌴 එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ සංයුතියට රුධිරයේ අයනික සංයුතියට ගොඩක් සමානයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් වැනි අයන වර්ග මෙන්ම සුළු වශයෙන් ඇති ස්වභාවික සීනි නිසාත් අයණික ගුණ අතින් විශිෂ්ට ගුණ දක්වනවා.

🌴 ඒ වගේම තැඹිලි වතුර සහ එහි මදය ආහාරමය තන්තු වලින් ඉතාම පොහොසත් මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් බී,සී හා ඊ වැනි ක්ෂුද්‍ර පෝෂකත් මෙහි තියෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රයාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, කාබනික අම්ල, පුතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග , ශාක රසායන, ශාක හෝමොන වර්ග වගේම හදවතට හිත කර මේදය ද මෙහි අන්තර්ගත වෙනවා.

🌴 කොහොම වුණත් අපේ රටේ දේශීය වෙදකමේදී ඖෂධයක් විදියට තැඹිලි වතුර භාවිතා කරනවා. විශේෂයෙන් තැඹිලි වතුර ප්‍රසිද්ධ ඇග නිවන ඔසුවක් විදියට. මෙම ගුණ වලට අමතරව තැඹිලි වල පහත සදහන් ගුණත් තියෙනවා.

🌴 තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලබණ සංයුතිය නිසා, හෘදයාබාධ අධික රුධිර පීඩනය වැලැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා.

🌴 බටහිර ඖෂධ අධිමාත්‍රාවකින් ශරීර ගත වුනොත් එහි විෂ නසන්න වගේම ආහාර වරගවල තිබෙන පළිබෝධනාෂක අමතර කොටස් හා අසනික් කැඩීමියම් වගේ බැර ලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්න පොල් හා තැඹිලි වතුර භාවිතා කරනවා.

🌴 තැඹිලි පොල් කුරුම්බා වතුරවල මොනෝලොරික් ඇසිඩ් (Monoloric Acid) කියන අතවශ්‍ය මේද අම්ලය අඩංගු වන නිසා එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරන්න වගේම ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරන්නත් හේතු වෙනවා.

🌴 දිය වැඩියා රෝගය පාලනය කිරීම සදහාද තැඹිලි වතුර වැදගත් වෙන බව සොයා ගෙන තිබෙනවා.

🌴 තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ඨ ආහාරයක් වෙනවා.

🌴 තැඹිලි, කුරුම්බා හා පොල් වතුරෙහි, පිළිකා ඇති වීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් බව සොයා ගෙන තියෙනවා.

🌴 තැඹිලි වතුරෙහි සින්ක් සහ සෙලෙනියම් වගේ ඛණිජ ලවණ වර්ග තියෙන නිසා , ලිංගික සරු බවට , මද සරු බව දුරු කරන්නත් ගුණදායක බව පැවසෙනවා.

🌴 මහළු අයට වගේම ඝණ ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබා දෙන්න පුළුවන් විශිෂ්ඨ පෝෂණීය පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ.

🌴 මවු කිරි වල තිබෙන ලෝරික් අම්ලය පොල් සහ තැඹිලි වතුරෙහි ද අඩංගු වන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ග වලට වඩා තැඹිලි වතුර ගුණදායක බව කියනවා. ගර්භනී මවුවරුන්ද පොල් තැඹිලි වතුර පානය කිරීම ගුණදායකයි.

🌴 ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථා වලදී හා විජලන තත්ත්වයන් වලදී තැඹිලි හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන් විශිෂ්ඨ ගුණ ලැබෙනවා.

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා!🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඖෂධීය ගුණයෙන් පිරි තැඹිලි (Thabili - King Coconut) ඖෂධීය ගුණයෙන් පිරි තැඹිලි (Thabili - King Coconut) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2021 Rating: 5

0 comments:

Post a Comment