පිළිකාවට සුව ගෙනෙන කටුපිල ගැන දැනගමු (Katupila - Flugguea Leucopyrus)

පිළිකාවට සුව ගෙනෙන කටුපිල ගැන දැනගමු (Katupila - Flugguea Leucopyrus) - Your Choice Way

✅ කටුපිල වල වගතුග

🌿 Flugguea leucopyrus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ ශුෂ්ක ප්‍රදේශ, පහතරට තෙත් සහ වියළි ප්‍රදේශ ආදියෙහි විවිධ වර්ගයන්ගෙන් ව්‍යාප්ත වී ඇති කටුපිල ශාකය, ඉන්දියාවට උරුමකම් කියන්නකි. දේශීය ආයුර්වේදයට අනුව පමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූල විද්‍යාගාර පර්යේෂණ තුළින් ද පිළිකා නාශක ගුණය ඇති බවට විද්‍යාත්මකව සනාථ කර ඇත. මෙම ඔසුව දේශීය වෙදකම තුළ, පිළිකා සඳහා පමණක් නොව තවත් බොහෝ රෝග තත්ත්වයන්හි දී ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබයි.

🌿 කටුපිල ශාකය මීටර් 0.5-5ත් අතර උසකින් යුක්ත ය. මෙය පඳුරක ස්වභාවය ගන්නා කුඩා ශාකයකි. පොත්ත අළු හෝ සුදු පැහැති ය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඕවලාකාර හෝ හෘදයාකාර හැඩයක් ගනියි. මිලි මීටර් 3ක් පමණ විශ්කම්භයකින් හෙබි, පෙනුමෙන් කොත්තමල්ලි වැනි කටුපිල ගෙඩි කොළ පැහැති වන අතර ඉදුණු විට සුදු පැහැයක් ගනියි. කටුපිල මල් කොළ පැහැයට හුරු කහ පැහැයක් ගනී. ගසේ කක්ෂවල මල් කළඹ සේ හට ගනී. කටු සහිත ශාකයකි. ආයුර්වේදය තුළ ‘ශරපුංඛා’ ලෙසින් හඳුන්වනු ලබන මෙම මහඟු දේශීය ඖෂධ Euphorbiaceae ශාක කුලයට අයත් වේ.

✅ ඔසු ගුණ

🌿 කටුපිල ශාකය ලෝකයට මෙතරම් වැදගත් වන්නේ එහි ඇති ඖෂධීය ගුණය හේතුවෙනි. ආයුර්වේදයට අනුව ශරපුංඛා වන මෙම ඔසුව තිත්ත රස වන අතර ලඝු, රුක්ෂ, තීක්ෂණ ගුණ ඇත. සිසිල් බවින් යුතු අතර අර්ෂස් වැනි රෝග නිවාරණයට අවශ්‍ය ගුණ ඇත. විෂ නාශක ගුණය සහ රක්ත ප්‍රසාදිනී ගුණය හේතුවෙන් පිළිකා වලට ද ගුණදායක ය.

✅ යොදාගන්නා ප්‍රතිකාර ක්‍රම

🌿 මෙය පිළිකා රෝගයන් සඳහා ප්‍රතිකර්මයක් ලෙස වඩාත් ප්‍රචලිත වුව ද ආයුර්වේදය තුළ බොහෝ රෝගාබාධයන් සඳහා ප්‍රතිකර්ම ලෙස යොදා ගන්නා මහඟු දිව ඔසුවකි.

🌿 ස්ත්‍රීන්ගේ ගර්භාෂයේ සෑදෙන ගෙඩි දිය කර හැරීමේ විස්මිත ගුණයක් කටුපිල වලට ඇත. ගර්භාෂගත ගෙඩි වලට කටුපිල කොළ, ගස් කරල්හැබ කොළ සහ තවත් ශාක සාර එක්ව තනාගත් ඖෂධ භාවිතය තුලින් සුවයක් ලබාගත හැකිය. එමෙන්ම අක්මාවේ පිළිකා සහ ගෙඩි සුව කිරීමට කටුපිල කෂාය යහපත් බව දැක්වේ. යටි පතුලේ පිළිකා සඳහා ගසේ පංචාංගය ආශ්‍රයෙන් සකසාගත් ඖෂධ බැඳීම ආදී ප්‍රතිකාරයන් ආයුර්වේදය තුළ භාවිත වේ. කටුපිල බඩවැලේ සෑදෙන රෝග සඳහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කටුපිල කොළ යොදා සැකසූ විශේෂ කැද වර්ගය උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි, වණ, තුවාල, ලප සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි.

🌿 කටුපිල වලින් සාදාගන්නා කැඳ, සියලු පිළිකා රෝග සඳහා ද ගුණදායක ය. එමෙන්ම දත් කැක්කුම, කුඩා දරුවන්ගේ පණු රෝග ආදී රෝගී තත්ත්වයන් සඳහා ද කටුපිල හොඳ ඔසුවකි. ප්ලීහාවේ සහ අක්මාවේ හටගන්නා රෝග සුව කිරීමට ද මෙම ඔසුව යොදා ගනු ලබයි.

🌿 මෙහි ඇති විෂ නාශක ගුණය හේතුවෙන් මී විෂ සහ සර්ප විෂ සඳහා ප්‍රතිකාර කිරීමට හෙළ වෙදකම තුළ කටුපිල භාවිත කරයි. ඇදුම, රක්ත අර්ශස්, අණ්ඩ වෘද්ධිය ආදිය ද කටුපිල ඇසුරින් ප්‍රතිකාර කළ හැකි රෝග තත්ත්වයන් ලෙස දේශීය ආයුර්වේදය තුළ සඳහන් වෙයි.

🌿 මීට අමතරව කටුපිල විෂබීජ නාශක සහ රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් ද යුක්ත ය. මෙම වටිනා ඖෂධයන් සුදුසුකම් ලත් පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිර්දේශය හෝ උපදෙස් මත භාවිතයට ගැනීම අමතර ගැටළු ඇති වීමෙන් ඔබව වළක්වනු ලබයි.

✅ පිළිකා නාශක ගුණය

🌿 පිළිකාව යනු ශරීරය තුළ ඇති විය හැකි අසාමාන්‍ය සෛල වර්ධනයක් හෝ සෛල විකෘති වීමකි. වර්තමානය වන විට මෙය බොහෝ සුලබ තත්ත්වයකි. වඩාත් ශෝචනීය තත්ත්වය නම් මෙම බොහෝ පිළිකා තත්ත්වයන් මාරාන්තික වීම යි. කාර්‍යබහුලත්වයත් සමග බොහෝ දෙනෙක් පුරුදුවී සිටින කෘතිම හා ක්ෂණික ආහාර ක්‍රමය නිසා පිළිකාව සුලබ රෝගයක් බවට වත්මන් සමාජය තුල පත්ව ඇත.

🌿 ශ්‍රී ලංකාවට ආවේණික ශාක 150කට අධික සංඛ්‍යාවක් ඇති අතර එයින් බොහෝ ප්‍රමාණයක පිළිකා නාශක ගුණය ඇති බව කියැවේ. ආයුර්වේදය තුළ ප්‍රතිකර්ම සඳහා භාවිත කරනු ලබන 700කට අධික ශාක වලින් බොහොමයක ද පිළිකා නාශක ගුණය ඇති බවට විශ්වාස කෙරේ. අරලු, බුළු සහ නෙල්ලි ද ආහාර මාර්ගයට ඉතාමත් හිතකර පිළිකා නාශක ගුණයෙන් ද හෙබි ඖෂධයකි. මීට අමතරව මඤ්ඤොක්කා, කටු අනෝදා ආදිය ද හොඳ පිළිකා නාශකයන් බව ආයුර්වේදය පෙන්වා දෙයි.

🌿 පිළිකා නාශක ගුණය පිළිබඳව සලකා බැලීමේ දී කටුපිල ශාකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙහි ඇති විෂ නාශක ගුණය හා රක්ත ප්‍රසාදිනී ගුණය පිළිකා නැසීමට හේතු වන බව ආයුර්වේද මතය යි. මේ සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විද්‍යාත්මකව කරන පර්යේෂණ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යා පිලිබදව පර්යේෂණ සිදුකරන ආයතනයෙන් ද (IBMBB) ඒ බව පෙන්වා දී ඇත. එහිදී ගර්භාෂ පිළිකා සෛල රැගෙන එහි පිළිකා සඳහා හේතු වන AN3CA සෛල වලට එරෙහිව කටුපිල ශාකයේ සාරය යොදවා තිබේ. එහිදී සනාථ වී තිබෙන ආකාරයට එම පිළිකා සෛල වර්ගය සාර්ථකව මර්දනය කිරීමට කටුපිල ශාකයේ සාරයට හැකියාව ලැබී තිබේ. ගර්භාෂ පිළිකා වලට අමතරව පියයුරු පිළිකා තත්ව පාලනයට ද මෙම ශාකය ඉවහල් වන බව පර්යේෂණ මගින් පෙන්නුම් කරයි.

✅ කටුපිල තේ

✅ ආරක්ෂාවේ පානය (The drink of protection) ලෙස හඳුන්වනු ලබන “කටුපිල තේ”, පිළිකා නාශක ගුණය පහසුවෙන් ලබාගත හැකි ඉතා වටිනා ස්වභාවික පානයකි. ජානමය හා අවිධිමත් ජීවන රටාව හේතුවෙන් (සංඛ්‍යා ලේඛන වලට අනුව) දිනකට අලුතින් පිළිකා රෝගීන් 64ක් හඳුනා ගන්නා සහ ඉන් 34ක් මිය යන පසුබිමක අප රට පවතී. ඉන් ආරක්ෂා වීම හා සුවයක් ලැබීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි ප්‍රමිතිගත නිෂ්පාදනයන් ලෙසින් වර්තමානය වන විට “කටුපිල තේ” වෙළඳපළ තුළින් මිල දී ගත හැකි ය. 
🌿 වර්තමානය වන විට අප ගන්නා ආහාර වල හා පානයන් තුළ අඩංගු අහිතකර ද්‍රව්‍ය බොහොමයක් පිළිකාකාරක ගුණයන්ගෙන් යුක්ත වේ. එමෙන්ම කාර්යබහුලත්වයත් සමඟ පිරිහී යන සෞඛ්‍ය පුරුදු ද, නොදැනුවත් භාවය නිසා හෝ නොසැලකිලිමත්කම නිසා අප හුරු වී ඇති අහිතකර සෞඛ්‍ය පුරුදු ද නොදැනීම අපව පිළිකා රෝග කරා රැගෙන යයි. එවන් පසුබිමක මෙය ඔබගේ ජීවිතය සුවපත් කරලීමට තෝරාගත හැකි එක් සරල විසඳුමකි. පිළිකා රෝග සඳහා පමණක් නොව, මෙය මුත්‍රා රෝග සහ බඩවැල් වල රෝග තත්ත්වයන් සඳහා ද ඉතාමත් ගුණදායක පානයකි.

🌿 වෙනත් කෘතිම බීම වලට තිත තබා මෙවැනි ස්වාභාවික පානයන් වලට ඔබේ අවධානය ලබාදිය යුතු කාලයක ශ්‍රීලාංකිකයන් වශයෙන් මෙරටින්ම ලබාගත් කටුපිල ශාකයෙන් සකසන ලද ස්වාභාවික “කටුපිල තේ” පානයට ඔබත් හුරුවන්න.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිළිකාවට සුව ගෙනෙන කටුපිල ගැන දැනගමු (Katupila - Flugguea Leucopyrus) පිළිකාවට සුව ගෙනෙන කටුපිල ගැන දැනගමු (Katupila - Flugguea Leucopyrus) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2021 Rating: 5

0 comments:

Post a Comment