Issara Kale Wananthare Song Lyrics - ඉස්සර කාලේ වනන්තරේ ගීතයේ පද පෙළ

Issara Kale Wananthare Song Lyrics - ඉස්සර කාලේ වනන්තරේ ගීතයේ පද පෙළ
Song Title : Issara Kale Wananthare (ඉස්සර කාලේ වනන්තරේ)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය : ආනන්ද පද්මසිරි
තනුව : එච්.එම්. ජයවර්ධන


ඉස්සර කාලේ වනන්තරේ
හාවෙක් උන්නා මෝඩපහේ
කොච්චරවත් ඔය ගස් අස්සේ
නිදියන එකමයි කරපු වැඩේ ...//

දවසක්දා තල් ගහක් යටට වී හාව නිදා උන්නා
දඩස් ගාලා සද්දයක් ඇහිල ඌ අවදිවෙලා පැන්නා

ලෝකෙ පෙරළෙනව මෙන්න බොලේ මම දුවලා බේරෙන්නා
මෙහෙම හිතාගෙන පරාණ බයටම හාවා දුව යන්නා

අතරමගදි මුණගැසුණු හැමෝටම දුවන ගමන් හාවා
ලෝකෙ පෙරළෙනව බේරෙන්නට නම් දුවපල්ලා කීවා

මුවෝ ගෝන්නු ද කොටි ද වලස්සු ද ඉත්තෑවෝ ඇත්තූ
හාවත් එක්කම දුවන්න ගත්තා මෙකී නොකී සත්තූ

කැලේ රජා සිංහයට හදිස්සියෙ ඇහිලා මේ යුද්දේ
දුවන සතුන් රැල මැද්දට ඇවිදින් ඇහුවා ඇයි සද්දේ

අනේ රජතුමනි ලෝකෙ පෙරළෙනව ඒකයි අපි දිව්වේ
තල් ගහ පැත්තේ ඉඳලා ඇවිදින් හාවයි එය කිව්වේ

හාවත් එක්කම තල් ගහ පැත්තට සිංහය ඇවිදිල්ලා
හේතුව හෙව්වම තල් අත්තක් උඩ බෙලි ගෙඩියක් වැටිලා

තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණම ලොව පෙරළෙයි කියලා
කලබල වීලයි හාවා දිව්වේ හැමෝම බය කරලා

පුංචි දේකටත් කලබල කරලා දඟලන අය ලෝකේ
මිනිසුන් අතරත් නිතරම හමුවෙයි මේ හාවා වාගේ ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Issara Kale Wananthare Song Lyrics - ඉස්සර කාලේ වනන්තරේ ගීතයේ පද පෙළ Issara Kale Wananthare Song Lyrics - ඉස්සර කාලේ වනන්තරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2021 Rating: 5

0 comments:

Post a Comment