Ratakin Eha Igili Song Lyrics - රටකින් එහා ඉගිලී ගීතයේ පද පෙළ

Ratakin Eha Igili Song Lyrics - රටකින් එහා ඉගිලී ගීතයේ පද පෙළ
Song Title : Ratakin Eha Igili (රටකින් එහා ඉගිලී)
ගායනය : ප්‍රියා සූරියසේන
තනුව : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්


රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

නා දළු දෙතොල් හසරැලි මත වෙලී
ආගිය ගමන් සිහිව එයි යළි යළී
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා බිඳෙන් නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ratakin Eha Igili Song Lyrics - රටකින් එහා ඉගිලී ගීතයේ පද පෙළ Ratakin Eha Igili Song Lyrics - රටකින් එහා ඉගිලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment