Nandala Hathara Dena Song Lyrics - නැන්දල හතර දෙනා ගීතයේ පද පෙළ

Nandala Hathara Dena Song Lyrics - නැන්දල හතර දෙනා ගීතයේ පද පෙළ
Song Title : Nandala Hathara Dena (නැන්දල හතර දෙනා)
ගායනය : චන්ද්‍රානි ගුණවර්ධන සහ පිරිස


සමනොල කන්දෙන් සිරිපා වැඳගෙන
සතර දිසාවෙන් බැස යනවා
වැඩිමල් නැන්දා මහවැලි නැන්දා
නෑ ළඟ නැන්දා කැලණියෙ නැන්දා
මද්දුම නැන්දා කළුතර නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා

මේ ලොකු නැන්දල හතර දෙනා මට
හරිම ආදරෙයි අම්මා විලසට
අපේ තාත්තා වපුරණ කුඹුරට
ආකාසෙන් එනවැහි නැති කාලෙට
දිය කළගෙඩි උකුළෙන් ගෙන තාලෙට
එනවා නැන්දල හතර දෙනා
එනවා නැන්දල හතර දෙනා

සමනොල කන්දෙන් සිරිපා වැඳගෙන
සතර දිසාවෙන් බැස යනවා
වැඩිමල් නැන්දා මහවැලි නැන්දා
නෑ ළඟ නැන්දා කැලණියෙ නැන්දා
මද්දුම නැන්දා කළුතර නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා

සීතල පැන් ගෙන නෑගම් එනකොට
හරිම ලස්සණයි ගම්මානය මට
අපේ සීයලා පුරාණයේ සිට
ආශාවෙන් බැත කමත කරන විට
දිය කළගෙඩි උකුළෙන් ගෙන තාලෙට
එනවා නැන්දල හතර දෙනා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nandala Hathara Dena Song Lyrics - නැන්දල හතර දෙනා ගීතයේ පද පෙළ Nandala Hathara Dena Song Lyrics - නැන්දල හතර දෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2021 Rating: 5

0 comments:

Post a Comment