හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice)

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way
පෝෂ්‍යදායි උදෑසන ආහාරයක් 🧆🧆🧆 😃 බෝඩිම් වල ඉන්න අයට ගොඩක් වැදගත් 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හබල පෙති කෝප්ප 2
  • අල ගෙඩි 1
  • කැරට් අල 1
  • ගෝවා ගෙඩියෙන් 1/4
  • පොඩි ලීක්ස් ගහක්
  • ලොකු ළූණු ගෙඩි 1/2
  • සුදු ළූණු බික් 4 
  • කහ ස්වල්පයක් 
  • කෑලි මිරිස් රස ඇනුව
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • ලුණු රස අනුව 
  • අබ ස්වල්පයක් 
  • සූදුරු ස්වල්පයක් 
  • රම්පෙ කරපිංචා කුරුදු 
  • තෙල් මේස හැඳි 3 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ප්‍රථමයෙන්ම හබල පෙති ටික හොඳට සෝදා වතුර ටික මිරිකල තෙත ගතිය ඉවත් වෙන්න ටිකක් තියන්න. (විනාඩි 5 ක් වගේ ප්‍රමාණවත්) විනාඩි 5 කට පස්සෙ අපි ගනිපු හබල පෙති පිම්බිලා දෙගුණයක් වෙනවා.
  2. දැන් අල ගෙඩිය,කැරට් අලය හීනියට ග්‍රේට්  කර ගන්න.සුදු ළූණු ටික තලා ගන්න.(කපන්න එපා) ලොකු ළූණු,ලීක්ස් සහ ගෝවා හීනියට කපා ගන්න. 🔴 පුළුවන් නම් ලීක්ස් ගෝවා වගේ එළවළු ආප්ප සෝඩා දමපු වතුරෙන් සෝදල ගන්න. එතකොට ඒවයි තියන විෂ රසායනික දේවල් ඉවත් වෙනවා. 
  3. දැන් අපි උයන්න ගන්න භාජනය ලිපේ තියල තෙල් මේස හැඳි 3 ක් දානවා. දාල ඒක රත් වෙන කොට සූදුරු ටික සහ අබ ටික එකතු කරන්න.ඒ ටික බැදෙන කොට රම්පෙ කරපිංචා කුරුදු දාල ග්‍රේට් කර ගත් අල,කැරට් සහ ගෝවා එකතු කරල ළුණු සහ සුදු ළූණු එකතු කරල ලුණු සහ කෑලි මිරිස් රස අනුව එකතු කරල ටිකක් තෙම්පරාදු කරන්න. 🔴 අල ටිකයි කැරට් ටිකයි ටිකක් තැම්බෙන්න වහල තියන්න.
  4. කැරට් සහ අල ටික තැම්බුනාට පසු හබල පෙති ටික එකතු කරල කහ සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කරල ලීක්ස් ටිකත් දාල හොඳට කවලම් කරන්න ඕන. 🔴 ඔයාල කැමති මේකට බිත්තර හෝ චිකන් එකතු කරල හදන්නත් පුළුවන්.
♦️ මේක හරිම ගුණදායකයි. ඒ වගේම විනාඩි 10 කින් හදා ගන්නත් පුළුවන්.රයිස් කුකර් එකේ උනත් ඉක්මනට හදා ගන්න පුළුවන්. අනික හබල පෙති මිලෙනුත් අඩුයි. (100 g රුපියල් 30 යි වෙන්නෙ.)

♦️ ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව. උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2021 Rating: 5

0 comments:

Post a Comment