Lihinin Rana Piya Salanne Song Lyrics - ළිහිණින් රෑන පියා සලන්නේ ගීතයේ පද පෙළ

Lihinin Rana Piya Salanne Song Lyrics - ළිහිණින් රෑන පියා සලන්නේ ගීතයේ පද පෙළ
Song Title : Lihinin Rana Piya Salanne (ළිහිණින් රෑන පියා සලන්නේ)
ගායනය : ප්‍රියා සූරියසේන
තනුව : සරත් දසනායක
පද : ධර්මරත්න පෙරේරා


ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගග දිය හඬන්නේ
විහඟුන් සිතන්නේ
නුඹ කොතැනකද කියලා
නුඹ කොතැනකද කියලා
පෙර සේ මා සොයාලා
මහදේ ගිණි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරං

ළිහිණින් රෑන පියා සලන්නේ...

මට හිමි මනාළී
පිටගම් ගියාවේ
විරසක නොවෙමු කියලා
විරසක නොවෙමු කියලා
සංසාරේ කොහේ හෝ
ඉපදී මුණ ගැහීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං

ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ

සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lihinin Rana Piya Salanne Song Lyrics - ළිහිණින් රෑන පියා සලන්නේ ගීතයේ පද පෙළ Lihinin Rana Piya Salanne Song Lyrics - ළිහිණින් රෑන පියා සලන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment