Song Title : Apasu Enawa (ආපසු එනවා)
ගායනය : ප්‍රියා සූරියසේන
තනුව : අර්නස්ට් සොයිසා
පද : දයා ද අල්විස්
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම් //
කවුරු කියන්නද කෙලෙස පතන්නද
අද මා හෙලන සුසුම්
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්...
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි //
හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
0 comments:
Post a Comment