Kiri Sayure Rali Song Lyrics - කිරි සයුරේ රැළි ගීතයේ පද පෙළ

Kiri Sayure Rali Song Lyrics - කිරි සයුරේ රැළි ගීතයේ පද පෙළ
Song Title : Kiri Sayure Rali (කිරි සයුරේ රැළි)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ප්‍රියා සූරියසේන


කිරි සයුරේ රැල්
උතුරණ හසරැල්
දෙතොලේ මවාදී හීන් සීරුවේ
පිපෙන නෙළුම් මල්
පරිදි සියලු කල්
හද විල් තලාවේ ඔබේ වත පෙනේ

පළිඟු පළන්දා
ගෙල සරසාලා
තිලකය ඇන්දා
නළලත පිසදා
සේලය දවටා ළැම හස තුරුළේ කවුරු නිසාදෝ

කිරි සයුරේ රැල්
උතුරණ හසරැල්
දෙතොලේ මවාදී හීන් සීරුවේ
පිපෙන නෙළුම් මල්
පරිදි සියලු කල්
හද විල් තලාවේ ඔබේ වත පෙනේ

මැණික් රිදී රන්
මා අත නැත්තේ
උතුම් ආදරේ
පමණකි ඇත්තේ
එය කවුරුත් නෑ තව පිළිගත්තේ
එය ඔබටයි දෝ

කිරි සයුරේ රැල්
උතුරණ හසරැල්
දෙතොලේ මවාදී හීන් සීරුවේ
පිපෙන නෙළුම් මල්
පරිදි සියලු කල්
හද විල් තලාවේ ඔබේ වත පෙනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Sayure Rali Song Lyrics - කිරි සයුරේ රැළි ගීතයේ පද පෙළ Kiri Sayure Rali Song Lyrics - කිරි සයුරේ රැළි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2021 Rating: 5

0 comments:

Post a Comment