Song Title : Adura Adura Mage (අඳුර අඳුර මගේ)
ගායනය - ප්රියා සූරියසේන
පද - ඒ. රෝහණ පෙරේරා
තනුව - ප්රියා සූරියසේන
අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා....තනිකර එළියේ...//
ඝණ රෑ කළුවර - තනියම කුටියේ..
ගතකල දිවියේ....රස තැන් සිහිවේ..
කුටියේ කෙලවර - එළියක් දිස්වේ..
එළිය සොඳුර මගේ....දිවියට ලංවේ...
අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා....තනිකර එළියේ...
පෙම් එළි විහිදා - නිවා දැමූ පසු..
දුන් නෙත් පීඩා....දනිමී පෙරදා..
සදාකාලිකය - අඳුරේ රැජිනිය..
ඔබ හැර යන්නට....නොදේවී මගෙ හිත..
අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා....තනිකර එළියේ...
0 comments:
Post a Comment