Girls Song Lyrics - ගර්ල්ස් ගීතයේ පද පෙළ

Girls Song Lyrics - ගර්ල්ස් ගීතයේ පද පෙළ
Song Title : Girls (ගර්ල්ස්)
ගායනය : අමිල සඳරුවන්
සංගීතය : නිමල් මෙන්ඩිස්
මුල් ගී පද : නිමල් මෙන්ඩිස්
ගී පද, පරිවර්තනය : දුමින්ද අලහේන්ද්‍ර


දෑසෙ ගෑවුණා
මා මන්මත් වුණා
දඹ රන් වැනි
මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව
සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
මගේමයි
රැස් විහිදේ හදේ
ආ නංගි ඉමු ළං වී

මැරෙයි මා මැරෙයි
දෙයියනේ මැරෙයි
කෙළිලොල් කෙල්ලෝ
මට අහිමිව යාදෝ
මා සනසන්නෝ
ලැබේනම් සියල්ලෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
සැනසුම් ගෙනෙයි කෙල්ලෝ
මායිම් කොහේදෝ

සන්සුන්ව ඉන්නයි
උත්සාහ ගන්නේ
හිත හීලෑ නොවීලා
මගෙ ආත්මය ගිලීලා
පුපුරාවිදෝ හද ගිනිගනීදෝ
ජේත්තුකාරී
ඔබයි මා යාවී
මල් පුසුඹ ගේනා
නිල් නයන පීනා
බෑ නික්ම යන්න
මට ආසයි රැඳෙන්න
බලා ඉන්න ඕන
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්

දෑසෙ ගෑවුණා
මා මන්මත් වුණා
දඹ රන් වැනි
මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව
සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
මගේමයි
රැස් විහිදේ හදේ
ආ නංගි ඉමු ළං වී


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Girls Song Lyrics - ගර්ල්ස් ගීතයේ පද පෙළ Girls Song Lyrics - ගර්ල්ස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2021 Rating: 5

0 comments:

Post a Comment