ලොක්කා පසුපස ආ තරුණියගේ ආත්මය (Avatar)

ලොක්කා පසුපස ආ තරුණියගේ ආත්මය (Avatar) - Your Choice Way
මගේ යාළුවනේ ඔන්න ඔයලට කියවන්න මගේ ජීවිතයේ සත්‍ය සිදු වීමක් දැන් මං කියන්නයි යන්නේ. (මම තාමත් හොල්මන් අවතාර විශ්වාස කන්නේ නැ. ඒත් අමනුෂ්‍ය ආත්ම ගැන විශ්වාසයක් තියෙනව අපේ බෞද්ධ පොතපත අනුව)

මීට වසර 20 කට විතර කලින් මං පාසල් යන කාලයේ දවසක් අපේ සීයාගේ ගෙදරට මාමා කෙනෙක් ආව එයා එනකොට හවස 5ට විතර ඇති. අපේ කිරි අම්මා සීයා කට්ටියම හිටිය එයා ගෙට ගොඩ වෙලා ඉස්සෙල්ලම අවේ මං ලගට ඇවිලා මගේ ඔලුව අතගාලා කිව්වා මේ ලොක්කිගේ පුතා නේද කියල. මට ඉතිං ඒක එච්චර විශේෂයක් නෑ.. ඒ අමුත්තා අපේ කට්ටිය එක්ක කතා කර කර ඉදල ඉතිං ගියා. අපේ කිරිඅම්මා මට එයාව හදුන්වල දුන්නා.. ‘‘ලොක්කො උඹේ අම්මට බැල්ම දාගෙන හිටිය කෙනෙක් තමයි ඔයා ඇවිල්ලා ගියේ නෑ කමට නං මස්සිනා තමයි වෙන්නේ“ කියල..

කොහොම වෙතත් මට ඒත් ඒ ගැන වැඩි උනන්දුවක් නෑ මොකද මං ඒ වෙද්දි මගේ නෑන කෙනෙක් එක්ක මං යාළුවෙලා හිටිය නිසා...

කාලය වේගෙන් ගෙවීගෙන ගියා මං විභාගය ලියන්න මාස කිහිපයක් තියෙන්නේ දවසක් හදිසියෙම මට අපේ කිරි අම්මා පණිවිඩයක් දුන්න.. ‘‘ලොක්කෝ මාර වැඩේනේ අර එදා උඹත් එක්ක කතා කර කර හිටිය කෙනා මතකයි ද?“ “ඔව්“ “එයාගේ දුව උඹට යෝජනා කරනව“ කියල මං කිව්වා “ඉතිං මට මොකද“ “ඇයි එයාට ගෙදර ඉන්න බෑ කියනව ද“ කියල පස්සේ ඒ මාමා ආයිමත් දවසක් ඇවිල්ල මට කෙලින්ම කිව්වා “පුතේ නංගිව ඔයා එනකං බලන් ඉන්නව ඇව්ල්ල යන්න එන්න.“ කියල...

කොහොම උනත් මට ඒ මමාලාගේ ගෙදර යන්න බැරි උනා. විභාගෙට තව මාසයක් විතර තමයි තියෙන්නේ... ආයිමත් අපේ කිරිඅම්මා දුක්මුසු පණිවුඩයක් මට දුන්නා....

“ලොක්කො අර කෙල්ල වාහනයකින් හප්පල මරල“ කියල අයියෝ ඔන්න එතකොට තමයි මට එයා ගැන පොඩි හරි හැගීමක් අවේ.... එයාව වාහනයක හප්පල මරල.. ඒකට හේතුව තමයි එයා කලින් යාලුවෙලා හිටිය කෙනාට බූට් එක තියල. ඒ තරහට ඒ කොල්ල මෙයා වෑන් එකට හප්පල මරල. සිද්දිය ඔහොම උනා.. මට දැන් අර යෝජනා කරපු කෙල්ලගේ මිණිය බලන්න තමයි උනේ.. එදා තමයි මං ජීවිතේ පළමු වතාවටයි අවසාන වතාවටයි එවාව දැක්කේ..

ඉතිං ඒ සිද්දි ටික ඔහොම ඉවර උනා... දැනට අවුරුදු 2කට විතර කලින් මගේ වයිෆ් මාව දේවාලයකට එක්කගෙන ගියා අපිට හරියට කරද මේවගේ කෙලවරක් තියෙන්න එපැයි කියල.

ඒ දේවාලය කරගෙන ගියේ මුස්ලිම් කෙනෙක්.. එයා ආවේෂ වෙලා දැන් කියාගෙන යනව මගේ පරණ සබ්බ සකලමනාවම මගේ වයිෆ් ඉස්සරහ අතාරිනව.. ටික ටික... පස්සේ එක තැනක නතර කලා එයා ඒ කරල මගේ මාව තනියම තියාගෙන කියන්න ගත්තා...

කපුමහත්තය කියනව “මං ගැන ආරයෙන් බලන් ඉන්න මල ගිය කෙනෙක් ඉන්නව“ කියල.. ඊට පස්සේ කපුමහත්තය යෝජනාවක් කලා මට කෙම්මුර දවසක මගේ හිතවත් ගැහැණු කෙනෙක් එක්ක එයාගේ දේවාලෙට එන්න කියල. මාත් ඉතිං මගේ පංතියේ මගෙත් එක්ක බොක්ක වගේ හිටිය කෙල්ලේක් අඩගහගෙන එකිගේ අවුරුදු 2ක විතර පොඩි කොල්ලෙකුත් හිටිය අපි තුන්දෙනා ආවා...

ඇවිල්ල වෙනද වගේම කපු මහත්තය වැඩේ පටන් ගත්තා පටන් අරගෙන විස්තරය කියාගෙන යනව මට ආදරේ කරන ඒ යක්ෂණිය මගේ යාළුවගේ ඇගට අරගෙන එයාගේ එකම ආසාව ඉෂ්ඨ කරන්න ඕනි කියල කපුමහත්තය කිව්වා... පස්සේ මම ඇත්තටම ඒකට කැමති උනේ නෑ. මගේ යාළුවනං කිසි අවුලක් නෑ ඕනි මගුලකට මාත් එක්ක අදටත් ඒකි ඉන්නව... ඒත් මං කපුමහත්තයගේ යෝජනාවට කැමති උනේ. නෑ... අවසානයේ මං තීරණයක් ගත්ත යක්ෂණීය මගේ පස්සෙන් ඇවිල්ල ඇති උණහම යයි කියල ඔහේ ඉන්න ඇරිය.

කපුමහත්තය කිව්වා අපි දෙන්න එලියට එන්න හදනකොට ‘‘ඒ යක්ෂණී තව මාස 3ක් ඇතුල මගේන් වෙන්වලා යනව එයාට අපා ගතවෙන්න තියෙන කාලය ඇවිල්ල තියෙනවලු. හැබැයි ඒ යන්නේ මට මහ ලොකු අනතුරක් කරලලු.

ඔන්න කපුමහත්තය කියපු අවසාන මාසය ආවා... දවසක් මං 11.30ට විතර පාර දිගේ බයික් එකේ එනව... එක තැනක ටිකක් කරුවලයි ප්‍රධාන පාරේ තුන්මන් හන්දියක් පහුකරන්න උනා... ඒ හංදියෙ කෙළවරේ තරුණ කෙනෙක් හිටිය එයා මගේ බයික් එකට අත දාලා එයාව දාගෙන යන්න පුලුවං ද කියල ඇහැව්වා... මං හා කියල දාගෙන ගියා... කිලෝමීටර් 5 ක් විතර යනකොට එයා මගේ කර දෙපැත්තෙන්ම අල්ලගෙන හිටියේ... එක පාරටම බයික් එකෙන් බිමට පැන්නා... ඒ එක්කම මාත් පාර මැද ඇදගෙන වැටුණා.. ඔන්න එදා තමයි මං බයික් එකෙන් වැටිච්ච මුල්ම දවස... කොහොම උනත් මට සිහිය එනකොට මං හිටියේ හොස්පිටල් එකේ...

කපුමහත්තය කිව්ව වගේ අර මගේ පස්සෙන් ආව ආත්මය මාව දාලා ගිහින් කියල තමයි හැමෝම විශ්වාස කරන්නේ මොකද මං වැටිල ඉදල තියෙන්නේ.. කනත්ත ඉස්සරහ ප්‍රධාන ගේට්ටුව ගාව.....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොක්කා පසුපස ආ තරුණියගේ ආත්මය (Avatar) ලොක්කා පසුපස ආ තරුණියගේ ආත්මය (Avatar) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2021 Rating: 5

0 comments:

Post a Comment