Thathu Gasa Igillennata Song Lyrics - තටු ගසා ඉගිල්ලෙන්නට ගීතයේ පද පෙළ

Thathu Gasa Igillennata Song Lyrics - තටු ගසා ඉගිල්ලෙන්නට ගීතයේ පද පෙළ
Song Title : Thathu Gasa Igillennata (තටු ගසා ඉගිල්ලෙන්නට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ආනන්ද පෙරේරා
ගැහැණු ළමයි ටෙලි වෘතාන්තයෙනි.


තටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

තොල් පොපියනවා
සිනාසෙන්නට
නෙත් නැටවෙනවා
ඉඟි කරන්නට
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ

සිව් දෙසින් ආ කුමර වළල්ලේ
රුවින් උතුම් කුමරී
ස්වයංවරය වෙත පිය නඟනා
ස්වයංවරය වෙත පිය නඟනා

උනුන් හඹා
තරඟ වදිනා
දිනූ තැනැත්තෝ
ඔටුණු දරණා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
මං මුලාවැල් පෑගුණු වැන්නේ
රුවින් උතුම් කුමරී
දොර නාරින් නුඹ අමල්බිසෝ
දොර නාරින් නුඹ අමල්බිසෝ

තටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ ..////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thathu Gasa Igillennata Song Lyrics - තටු ගසා ඉගිල්ලෙන්නට ගීතයේ පද පෙළ Thathu Gasa Igillennata Song Lyrics - තටු ගසා ඉගිල්ලෙන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment