Bindu Bindu Mal Wesse Song Lyrics - බිංදු බිංදු මල් වැස්සේ ගීතයේ පද පෙළ

Bindu Bindu Mal Wesse Song Lyrics - බිංදු බිංදු මල් වැස්සේ ගීතයේ පද පෙළ
Song Title : Bindu Bindu Mal Wesse (බිංදු බිංදු මල් වැස්සේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි, නන්දා පතිරණ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි

ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bindu Bindu Mal Wesse Song Lyrics - බිංදු බිංදු මල් වැස්සේ ගීතයේ පද පෙළ Bindu Bindu Mal Wesse Song Lyrics - බිංදු බිංදු මල් වැස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment