Sada Mudu Ralle Muwawi Song Lyrics - සැඳෑ මූදු රැල්ලේ මුවාවී ගීතයේ පද පෙළ

Sada Mudu Ralle Muwawi Song Lyrics - සැඳෑ මූදු රැල්ලේ මුවාවී ගීතයේ පද පෙළ
Song Title : Sada Mudu Ralle Muwawi (සැඳෑ මූදු රැල්ලේ මුවාවී)
ගායනය : දමයන්ති ජයසූරිය
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : කීර්ති පැස්කුවල්


සැඳෑ මූදු රැල්ලේ මුවාවී
ඔබයි ඈත ක්ෂිතිජේ හිඳින්නේ
වෙරළේ කොණේ ඉකිබිඳිමින් මෙසේ //
අපේ ආදරේ කිම හඬන්නේ

හා ආආආ....
හා ආආආ....

දවසක් මෙවන් සතුටෙන් නෑවෙමින්
මුතු බින්දු පෙණ මල් මතින්
කොඳුරා සෙමින් පෙර නොකියූ කතා
අපි ගියෙමු අත්වැල්බැඳන්

දෙනුවන් පියා
මුව මුව ළංවුණා
සෙනෙහේ හැඟුම්
දෙතොලේ හැංගුණා
දැන් වගේ මතකයි

සැඳෑ මූදු රැල්ලේ මුවාවී
ඔබයි ඈත ක්ෂිතිජේ හිඳින්නේ
වෙරළේ කොණේ ඉකිබිඳිමින් මෙසේ //
අපේ ආදරේ කිම හඬන්නේ

හමනා සුළං රළ හෝ හෝ ගගා
මේ පාළුවේ කාන්සියේ
මගෙ දෑස හා හිත හඬවා තියා
ඔබ ඉන්න දෙසටයි ගියේ

කවදාක හෝ යළි කවදා හරී
හමුවේවිදෝ අප මේ වෙරළෙදී
හැබැහින් නැතිනම් සිහිනෙන්

සැඳෑ මූදු රැල්ලේ මුවාවී
ඔබයි ඈත ක්ෂිතිජේ හිඳින්නේ
වෙරළේ කොණේ ඉකිබිඳිමින් මෙසේ //
අපේ ආදරේ කිම හඬන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Mudu Ralle Muwawi Song Lyrics - සැඳෑ මූදු රැල්ලේ මුවාවී ගීතයේ පද පෙළ Sada Mudu Ralle Muwawi Song Lyrics - සැඳෑ මූදු රැල්ලේ මුවාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment