Kadulu Wile Song Lyrics - කඳුළු විලේ ගීතයේ පද පෙළ

Kadulu Wile Song Lyrics - කඳුළු විලේ ගීතයේ පද පෙළ
Song Title : Kadulu Wile (කඳුළු විලේ)
ගායනය : දමයන්ති ජයසූරිය සමග සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
1991 දී “හිරුට මුවාවෙන්” නමින් නිකුත්වූ සංයුක්ත තැටියට මේ ගීය ඇතුළත් විය.


කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ ....//

සිහින දනව්වේ
අඳුරු ඉසව්වේ
ඔබ දෑස තරු බැබළේවා ....//
ඒ තරු කිරණේ
මඟ හෙළිවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

සිතැඟි කොදෙව්වේ
සුදු මුතු පව්වේ
ඔබ දෑත මට ළංවේවා .....//
ආ දුරු කතරේ
ඉම හමුවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulu Wile Song Lyrics - කඳුළු විලේ ගීතයේ පද පෙළ Kadulu Wile Song Lyrics - කඳුළු විලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment