Kandulin Awasan Wana Pem Puwathata Song Lyrics - කඳුළින් අවසන් වන පෙම් පුවතට ගීතයේ පද පෙළ

Kandulin Awasan Wana Pem Puwathata Song Lyrics - කඳුළින් අවසන් වන පෙම් පුවතට ගීතයේ පද පෙළ
Song Title : Kandulin Awasan Wana Pem Puwathata (කඳුළින් අවසන් වන පෙම් පුවතට)
ගායනය : දමයන්ති ජයසූරිය
තනුව : රෝහණ වීරසිංහ
පද : වසන්ත කුමාර කොබවක


කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ //

හිරකරලනු බැරි සෙනේ හැඟුම් දිය
උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස්වලින් රිදුම් ලැබ
පෙම් සිත් බලා හිඳියි
උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස
සිඳී බිඳී යා නම්

කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

සිහිලස රැඳි තුරු ලතා ගුලාවක
සඟවා මා පැතුමන්
පියා සරන්නට එපා බිඟුන් ලෙස
රහසින් දැක අන් මල්
උහුලා ගනු හැකි වෙද ඔබ උණුහුම
නිවී මැකී යා නම්

කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulin Awasan Wana Pem Puwathata Song Lyrics - කඳුළින් අවසන් වන පෙම් පුවතට ගීතයේ පද පෙළ Kandulin Awasan Wana Pem Puwathata Song Lyrics - කඳුළින් අවසන් වන පෙම් පුවතට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment