Your Choice Way

රන් කුඹල් මැට්ටේන් කරන විශ්මිත ප්‍රතිකාර (Ran Kubal Mati)

රන් කුඹල් මැට්ටේන් කරන විශ්මිත ප්‍රතිකාර (Ran Kubal Mati) - Your Choice Way
🌿 රන් කුඹල් මැටි කියන්නේ රන් කුඹලෙකු තම නිවස සාදන මැටි වලටයි. මෙම මැටි වල බොහෝ ඖෂධ ගුණයන් කැටිවී තිබෙන බව ඔබ මින් පෙර දැන සිටියාද? 

🌿 අතීතයේදී අපේ හෙළ වෙදැදුරන් ඔවුන්ගේ වෙද වට්ටෝරු වලට අනුව මෙම රන් කුඹල් මැටි කොඳුඇටපෙළ ආශ්‍රිත ආබාධ සඳහා බහුලව යොදාගත්තා. 

🌿 මෙම රන් කුඹල් මැට්ටේ මෙපමණ ඖෂධීය ගුණ අඩංගු වන්නේ එම කුඹලා විසින් යොදාගන්නා විශේෂිත මැට්ටත් එම මැටි බදාමය සෑදීමේදී ඔවුන්ගේ ඛේටය ඒ සමඟ මිශ්‍ර වන නිසා බව විශ්වාස කළ හැකියි. මෙම රන් කුඹල් ගෙවල්, මැටි සඳහා තෝරා ගැනීමේදී එය ගොඩක් පැරණි නොවූ සහ පැටවුන් රහිත නැවුම් ගෘහයක් වීම වැදගත් කරුණක් ලෙස සැලකූවා.

✅ ශරීරයේ හටගන්නා විවිධ ගෙඩි වර්ග සඳහා රන් කුඹල් මැට්ටෙන් ප්‍රතිකාර කරන හැටි
🌿 ගෙඩි සඳහා ප්‍රතිකාර කිරීමේදී එම ගෙඩිවල මුල් අවස්ථාව හෙවත් ආම අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමට මෙම රන් කුඹල් මැට්ට භාවිතා කරයි.නැවුම් රන් කුඹල් මැටි රැගෙන එය පෙරුම්කායම් හා කුඹුරු කොළ ඉස්මෙන් අඹරා සම්පූර්ණ ගෙඩිය වැසෙන සේ ගාන්න. ටික දිනක් මෙසේ කරන විට සුවවේ.

✅ සර්පවිෂ නැති කිරීම සඳහා ‍රන් කුඹල් මැටි භාවිතය 
🌿 මෙය ඕනෑම ආකාරයක සර්පවිෂ බැස්සවිම සඳහා පොදුවේ කළ හැකි ප්‍රතිකර්මයකි.රන් කුඹල් මැටි සමඟ අමු ගැඩිවිලි පස්, ගැට හුඹස් පස් අඹරා දෙහි ඇඹුල් හා නර මුත්‍රා වලින් කලවම් කර සර්ප දෂ්ඨ මුඛයේ ආලේප කරන්න. පැයකට පසු එය ඉවත් කරන්න. මෙම ප්‍රතිකාරයෙන් රෝගියාගේ විෂ බැස යාම සිදුවේ.

✅ ඉරුවාරදය සඳහා රන් කුඹල් මැටි දෙහි ඇඹුලෙන් ආලේප කරන්න.

✅ හිසරුදාවට රන් කුඹල් මැටියෙන් කෙමක්…
🌿 රන් කුඹල් මැටි ගෙන එය බුලත් කොළයක තබා පොඩිකර මී පැණියෙන් දියකර ඇහිබැමේ ආලේප කරන්න. ඔබ මෙම සියල්ල සිදුකළ යුත්තේ කිසිවෙකු සමඟ කතා නොකරයි. මෙය සිදුකිරීමෙන් අනතුරුව දින 03 ක් යනතෙක් ඔබට නැවත හිසරුදාව නොසැදුනේ නම් එයින් පැහැදිලි වන්නේ ඔබට හිසරුදාව නිට්ටාවටම සනීප වී ඇති බවයි.

⏩ සැලකිය යුතුයි :-අප විසින් මෙම කරුණු මෙහි පල කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ඇති බල මහිමය හා ගුණ මහිමය ඔබට කියාදී ඔබව හෙළ දැනුමෙන් සන්නද්ධ කර ඒවා ඉදිරි පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර තැබීමේ උතුම් පරමාර්ථය සහිතවයි. එබැවින් මෙම ප්‍රතිකර්මයන් සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය/ආයුර්වේද වෛද්‍යවරයකු ගේ අනුදැනුම යටතේ පමණක් සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.උපුටා ගැනීමක් ස්තුතියි මුල් අයිති කරැට.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රන් කුඹල් මැට්ටේන් කරන විශ්මිත ප්‍රතිකාර (Ran Kubal Mati) රන් කුඹල් මැට්ටේන් කරන විශ්මිත ප්‍රතිකාර (Ran Kubal Mati) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, June 11, 2021 Rating: 5

0 comments:

Post a Comment