Ralu Hithe Adare Song Lyrics - රළු හිතේ ආදරේ ගීතයේ පද පෙළ

Ralu Hithe Adare Song Lyrics - රළු හිතේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ralu Hithe Adare (රළු හිතේ ආදරේ)
Lyrics : Madu Chatheeka (මධූ චතීකා)


🌹🌹🌹 රළු හිතේ ආදරේ  🌹🌹🌹

කාකි ඇඳුමෙන් යට වෙච්ච 
උඹේ රළු හිත යට හැංගිච්ච
ඒ ආදරේ හරි විසල්.....

විටෙක හරි රළුයි
විටෙක හරි මෘදුයි 
වෙහෙසකරයි 
මගේ හිතට 
මොහොතකට
ඒත්....

සැනසුම් සුසුම් හෙලමි
වෙන්දේසි නොවන 
සෙනෙහසක 
උරුමය හිමිවීම ගැන ...

නිහඬ සිතිවිලි දරන
නුඹේ ඔය ගැඹුරු හිත
පුංචි පුංචි රණ්ඩු ළග 
මම කියවමි හරි රහට.....

හඬමි දියකර 
කඳුළු වැල්වල
රිදුම් දෙන නුඹේ 
ගැඹුරු කට හඬ...

සිප ගනිමි නිරතුරු 
මුදුව නැගෙනා
සෙනෙහසින් පිරි
වදන් රහසින්.....

ඉතින් මං නුඹ 
ලඟින් ඉන්නම්
කඳුල සිනහව 
දෑසෙ දරමින්
දරාගමි මං
සියලු හැඟුමන්
සෙබළ බිරිඳක් 
වෙච්ච හින්දම ....

තරූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ralu Hithe Adare Song Lyrics - රළු හිතේ ආදරේ ගීතයේ පද පෙළ Ralu Hithe Adare Song Lyrics - රළු හිතේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment