Parata Kittuwa Del Gasa Mudune Song Lyrics - පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ ගීතයේ පද පෙළ

Parata Kittuwa Del Gasa Mudune Song Lyrics - පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ ගීතයේ පද පෙළ
Song Title : Parata Kittuwa Del Gasa Mudune (පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ)
ගායනය  : උපාලි කන්නංගර
සංගීතය : උපාලි කන්නංගර
ගී පද : ඌවේ ජන කවි ආශ්‍රයෙන්


පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා

මුහුණ මුකුළු මුවරද ළඳුනේ
මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කල කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා

ඉන්න හිටින්නට ගේ දොර ඇත ම‍ට
‍සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට
අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බඳින්නට
නැකතට එන බක් මහට කලින්
නැකතට එන බක් මහට කලින්

පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parata Kittuwa Del Gasa Mudune Song Lyrics - පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ ගීතයේ පද පෙළ Parata Kittuwa Del Gasa Mudune Song Lyrics - පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment