Kiri Wadunu Goyama Menna Pahila Song Lyrics - කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ගීතයේ පද පෙළ

Kiri Wadunu Goyama Menna Pahila Song Lyrics - කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ගීතයේ පද පෙළ
Song Title : Kiri Wadunu Goyama Menna Pahila (කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා)
ගායනය : උපාලි කන්නංගර
සංගීතය : උපාලි කන්නංගර


කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා

මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා //

කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා

තම දෙවියෝ සිහි කරගෙන
කරල් අහුරු පීරාගෙන
රන් දෑකැති අතට ගනිල්ලා //

ගිරව් ගියේ නෑ හඳ හාවො ගියේ නෑ
බොල් අහුරක් නෑ කට වහක් වැදී නෑ
ගං වතුරක් නෑ සැඩ හැළඟක් හෙම නෑ
කිසි සැකයක් නෑ මෙදා අඟ හිඟයක් නෑ

කවුද කවුද රන්මලියේ
මඩ ගෑවේ උඹෙ නෙරියේ
විහිළු තහළු හෙට තියපල්ලා //

කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා

මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා //

කට ඇදවෙන්නේ ඇස් නටවෙන්නේ
පද පැටලෙන්නේ ඉතින් මොකද කරන්නේ
පුංචි නිලමෙලා යසෝ මැණිකෙලා
කෙතට ගොඩ වෙලා වැඩේ මඩ කලා

කළු මැණිකා බැඳි කොණ්ඩේ
ඇයි කොල්ලෝ උඹ ඇද්දේ
ඒ කෙල්ලගෙ ඇස් රතුවෙනවා //

කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා

මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Wadunu Goyama Menna Pahila Song Lyrics - කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ගීතයේ පද පෙළ Kiri Wadunu Goyama Menna Pahila Song Lyrics - කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment