Pansale Palliye Song Lyrics - පන්සලේ පල්ලියේ ගීතයේ පද පෙළ

Pansale Palliye Song Lyrics - පන්සලේ පල්ලියේ ගීතයේ පද පෙළ
Song Title : Pansale Palliye (පන්සලේ පල්ලියේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ගුණදාස කපුගේ


පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ ...//
ඒ අපේ ශක්තියයි
ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ
වන්දනා ලබන්නේ

මේ බවක් තේරුණේ නැතිකමින් ලෝකයේ
නැති කමයි රජ වුණේ
දුක් නොවව් මිනිසුනේ ...//

හෙට වුණත් නෑ පමා
පණ පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ

වීරියෙන් රට නැඟූ
දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවන් සදාකල් ගෙවූ ...///
මිනිසුනේ හදවතේ ලේවලින් පණ ලැබූ
පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ

පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ ...//

ඒ අපේ ශක්තියයි
ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ
වන්දනා ලබන්නේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pansale Palliye Song Lyrics - පන්සලේ පල්ලියේ ගීතයේ පද පෙළ Pansale Palliye Song Lyrics - පන්සලේ පල්ලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment