Athuru Mithuru Dabadiwathuru Song Lyrics - අතුරු මිතුරු දඹදිවතුරු ගීතයේ පද පෙළ

Athuru Mithuru Dabadiwathuru Song Lyrics - අතුරු මිතුරු දඹදිවතුරු ගීතයේ පද පෙළ
Song Title : Athuru Mithuru Dabadiwathuru (අතුරු මිතුරු දඹදිවතුරු)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ අමිතා වැදිසිංහ
පද : සුනිල් සරත් පෙරේරා
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු

අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු

ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//

මී අඹ තුරු සෙවණැල්ලේ
බැඳුණු රුවන් ඕවිල්ලේ
හමන පවන් සිහිලැල්ලේ
ඉහළ නඟිමු නැළැවිල්ලේ

මලින් මලට බඹර දැලේ
මියුරු කිකිණි බිකිනි සැලේ
වසත් කුමරි එමට රුවේ
හැකක් නෑර සතුට ගෙනේ

මල්වාරම් හඬ දෑලේ
ඇසේ ඇසේ නව තාලේ
දැනගෙන අත්වැල් මාලේ
අපිත් නගිමු පෙම් ඊලේ

අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු

අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු

ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athuru Mithuru Dabadiwathuru Song Lyrics - අතුරු මිතුරු දඹදිවතුරු ගීතයේ පද පෙළ Athuru Mithuru Dabadiwathuru Song Lyrics - අතුරු මිතුරු දඹදිවතුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment