Galana Dole Pena Bubulai Adare Song Lyrics - ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ ගීතයේ පද පෙළ

Galana Dole Pena Bubulai Adare Song Lyrics - ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Galana Dole Pena Bubulai Adare (ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ)
ගායනය : අමිතා වැදිසිංහ
සංගීතය : ඩබ්. ඩී. අමරදේව
ගී පද : මහගම සේකර
චිත්‍රපටය : ආදරයයි කරුණාවයි (1965)


ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුලයි ආදරේ

මහ ගල් කුළු ඉහල නගා
සුළං රොදින් සුසුම් හෙලා
ඈත සිහින් වලා පෙළින්
රහස අසයි ආදරේ

නිල් කඳුවැටි පීරා
පායන සඳ රේඛා
එබී බලා නිහඬ රැයක
රහස අසයි ආදරේ

මහ ගස් අතු ඉහල බලා
කුරුළු හඬින් ගීත ගයා
වෙළෙන වැලේ පිපෙන මලින්
රහස අසයි ආදරේ

ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුලයි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Galana Dole Pena Bubulai Adare Song Lyrics - ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ ගීතයේ පද පෙළ Galana Dole Pena Bubulai Adare Song Lyrics - ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment