Palu Musala Aduru Rayawal Song Lyrics - පාළු මූසල අදුරූ රැයවල් ගීතයේ පද පෙළ

Palu Musala Aduru Rayawal Song Lyrics - පාළු මූසල අදුරූ රැයවල් ගීතයේ පද පෙළ
Song Title : Palu Musala Aduru Rayawal (පාළු මූසල අදුරූ රැයවල්)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)


පාළු මූසල අදුරූ රැයවල්
ඉකිය හංගා හොර හොරෙන්
කදුළු මුරුගන් වැස්සෙ යටවී
ළය රිදුම් අකුණක සරින්....
ළැම හසුන් යුග පීදුනා මුත්
අනුරාග උණුහුම ළගින්
කිරි සයුර කළඹමින් කිරි කැටි
සිනාවන් කිම මට දුරින්....

දෑස් අගකින් බලා සරදම් 
නෝක්කාඩුය  නෑසියන්
පපු ගැඹුර  සිබ යනෙන සුසුමන්
දවා අව්ලන සියොළගින්...

පිරිත් පැන් ගෙන වට හතක් ගිය
මහා සෑ අනුහස් බෙලෙන් ..
තිස් තුනක් මහ කෝටියක් දෙව්
එක් වරක් හෙළමින් බැලුම්..
උතුම් ජයසිරී මහා සමිදුනි
ලැබ දෙන්න කිරි සිනාවන් ...

 එපා මට සුදු ඇත් හීන හිනැහෙන
කුසේ දස මස වැතිරියන්..
රක්ත දහරා සියල් වුව ගෙන
උර උරා දෙතනග මතින්...
මව් සෙනේ  මගෙ සයුර පැරදුණු 
කිරි සිනාවක ලියාපන්....

මල්❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Musala Aduru Rayawal Song Lyrics - පාළු මූසල අදුරූ රැයවල් ගීතයේ පද පෙළ Palu Musala Aduru Rayawal Song Lyrics - පාළු මූසල අදුරූ රැයවල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment